පනස් පස්වන මන්දාරම 🍁

3.5K 336 250
                                    

_______________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________________________________________________

Author Pov ~

ටිකෙන් ටික දවස ගෙවිලා ගිහින් මේ වෙද්දි වෙලාව හවස හතටත් කිට්ටුයි .. වෙහෙසකර නමුත් විනෝදජනක දවසක් ගෙවලා දාපු අබේවික්‍රම , දසනායක පවුල් දෙකේම උදවිය මේ වෙද්දි හිටියෙ අද ඔවුන් රාත්‍රි නවාතැන් වෙනුවෙන් වෙන්කල හක්ගල මූන් පැරඩයිස් නම් හොටෙල් එක තුළයි ..

රෂාන් එක්ක ආකාශ් reception එකට ගිහින් අද රෑ නවතින්නට අවශ්‍ය කාමර වෙන් කර ගනිද්දි අනිත් හැමෝම තම තමන්ගෙ බෑග් මලු ටිකත් උස්සගෙන පැත්තකට වෙලා බලාගෙන හිටියා .. දැන්නම් කට්ටියට හොඳටෝම මහන්සි පාටයි .. ඇයි ඉතිම් කොයිතරම් විනෝදයක් ලැබුවත් දවසෙන් භාගෙකට වැඩිය කට්ටිය කරේම ඇවිදපු එකනෙ ..

පේන විදියට වැඩියෙන්ම මහන්සි අපේ පුංචි දොස්තර මහත්තයට වගේ .. මීණු බබාවත් ලගට කරගෙන මූණත් දෙල් කරගෙන ඉන්න විදියෙන්ම කිව්වැකි කොල්ලට හොඳටෝම මහන්සි එපා වෙලා ඉන්නෙ කියලා ..

reception girl එක්ක විනාඩි කිහිපයක් කතා කරන ගමන් විස්තර දැන ගත්තු රෂාන් ආකාශ් දෙන්න ඊලඟට එතනින් අනිත් අය හිටිය තැනට ඇවිදගෙන ආවා ..

" හරිද ලොකූ .."

" පොඩි ප්‍රශ්නයක් තියෙනවා සීයාප්පච්චි .."

ආකාශ් රෂාන් දෙන්න එනවත් එක්කම මිස්ටර් අබේවික්‍රම වැඩේ හරිද කියල ඇහුවත් රෂාන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියල උත්තර දුන්නෙ හැමෝම කලබල වෙද්දි ..
විශේෂයෙන්ම මිහික කොලුවා තමයි ..
ප්‍රශ්නයක් තියෙනවා කියනවත් එක්කම මතක් වුනේ ආයෙමත් දිග ඇවිදීමක් කියලවත්ද මන්දා කොල්ලගෙ මූණ ඇද වෙලාම ගිහින් තිබුනෙ මේ වෙද්දි ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now