_________________________________________________________________
අලුත් දවසකට හිරු උදා වෙද්දි අපේ පුංචි දොස්තර මහත්තය නම් හිටියෙ තවමත් සුව නින්දක .. හැබැයි ඒ සුව නින්දට ආයුෂ තිබුනෙ නම් හරි ටික වෙලාවයි .. ඒ එලාම් එකේ හඩ නොඇසී තියෙන තෙක් පමණයි .. හරියටම උදේ හය වෙද්දි සුපුරුදු එලාම් හඬ තමන්ගෙ රාජකාරිය ඉෂ්ට කරන ගමන් කෑ ගහන්න ගත්තෙ මිහික ගෙ නින්දට බාධා කරන ගමන් ..
එලාම් එකේ හඩ නොතකා ඇදේ එහාට මෙහාට පොඩ්ඩක් පෙරලුන මිහික ආයෙමත් නිදා ගන්න උත්සාහ කරත් ඒක සාර්ථක නොවෙද්දි එක ඇහැක් අමාරුවෙන් වුනත් ඇර ගෙන එලාම් එක ඕෆ් කරල දැම්මා .. අමාරුවෙන් ඇර ගැත්ත එක ඇහැ අනික් අතට ලේසියෙන්ම පියා ගත්ත මිහික ආයෙමත් කොට්ටෙ ට වැටුණෙ තව ටිකක් නිදාගන්න .. දොස්තර කොලුව අලි කම්මැලියෙක් වෙලා වගේ ..
තවත් විනාඩි කීපයක නින්දක් ලබා ගත්ත මිහික බර වෙලා තියෙන ඇස් පිහාටු ඇර ගන්න ගමන් නැගිටලා ඇදෙන් වාඩි වුණේ ඔලුවත් කසන ගමන් .. ඔලුව දෙපැත්තට හරවල කාමරේ දිහත් බැලුව මිහික ඈනුමකුත් යවල ඇදෙන් නැගිටල වැනි වැනිම බාත්රූම් එක ඇතුලට රිංග ගත්තෙ මූණ කට සෝදගෙන එන්න ..
" ගුම් මෝනිම් සුදු අම්මියෝ .."
මූණ කට සෝද ගෙන ඇඳුමක් මාරු කර ගත්ත මිහික ඊලගට ගියෙ මාලිනී ව හොයාගෙන කුස්සියට .. නෑ නෑ මාලිනීගෙ රසම රස තේ එක හොයාගෙන ..
" ගුඩ් මෝනිම් චූටි .."
තේ හදන ගමන් හිටිය මාලිනී ගෙ ඇගේ දැවටෙන ගමන් මිහික කතා කරේ නිදිබර හඬකින් .. හපුච්චේ මේ කොල්ලට නිදියල නිදියල තවත් නිදිමතද ..
" මොකෝ තාම නිදිමතද .."
" හ්ම්ම් .."
තමන්ගෙ ඇගේ දැවටෙන මිහිකගෙන් මාලිනී අහද්දි මිහික මිමිණීමකින් උත්තර දුන්නෙ මාලිනී ගෙ දෙතොල් අතර හිනාවක් ඇදෙද්දි ..
YOU ARE READING
මන්දාරම් අහස යට || TK Nonfic ♡
Non-Fictionමන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................