Letter 3

1.7K 125 23
                                        

සතියක් ගතවෙලා තිබුණෙ හරි ඉක්මනට. වොලිබෝල් ප්‍රැක්ටිස් එක්ක හොස්පිටල් එකෙන් ඩිස්චාජ් කරපු කෙනුල් ගැනත් බලන ගමන් දෙන්නගෙම ඉස්කෝලෙ වැඩත් බැලන්ස් කරගෙන ගෙවුනු සතියම එතිශ්ය ගත කරේ අඩුම නිදහසේ හුස්මක් ගන්නවත් වෙලාවක් නැතුව.


කෙනුල්ව ගෙදර නොයවා බලෙන්ම බෝඩිමේ නතර කරගත්ත එතිශ්ය උදේ හවස එහෙ මෙහෙ දුවන හැටි බලාගෙන හිටිය කෙනුල්ට තමන් ගැනම දැනුනේ කලකිරීමක්. එතිශ්ය හැමදේම කරනවා බලාගෙන කිසිම දවසක පැත්තකට වෙලා හිටියේ නැති කෙනුල්ට එතිශ්ය බෝඩිමේ ඉන්න වෙලාවටයි නැති වෙලාවටයි දෙකේම දිගටම ඇඳටම වෙලා ඉන්න වුනත් එතිශ්ය ඒ ගැන වද වෙන පෙනුමක් නම් තිබුණෙ නැහැ.


මැච් එක දවසේ උදේ  අට වෙනකොට එතිශ්ය එක්කම ග්‍රවුන්ඩ් එකට ගියත් අවසානෙට හොස්පිටල් එකේදි කතා කරාට පස්සේ ගතවුනු සතියේ වගේම වුවමනාවකට ඇරෙන්න කෙනුල්ට වචනයක්වත් නොකිව්ව එතිශ්ය දිහා කෙනුල් ඔහේ බලාගෙන හිටියා. දිගටම කෝට් එක දිහා බලාගෙන ඉන්නවා මිසක් වෙනදා වගේ මැච් එකකට කලින් බෝලෙ ටිකක් උඩ දාලා කරලා වටේ ඉන්න උන්ව බය කරලා ගන්න එතිශ්ය අද නැති තැන කෙනුල්ට තරහක් ආවත් මැච් එකට කලින් එතිශ්යව තවත් අවුල් කරන්න ඕනි නැති නිසාම කොල්ලා කට වහගෙන හිටියා.


වෙනදාට මැච් එකට යන්න කලින් මෙහෙම කරන්න, කිසිම වෙලාවක වැටෙන්න එපා වගේ දේවල් කිය කිය ටීම් එක අප් කරලා ගන්න කොල්ලා අද සද්ද නැතුවම තුන්වෙනි මැච් එකත් අවුලක් නැතුවම දිනලා එද්දි මුකුත් කියාගන්න බැරි තැන කෙනුල් කරේ වෙන පැත්තක් බලාගන්න එක. ඒත් කොල්ලගේ ඉවසීමේ සීමාව පනින්න වැඩි වෙලාවක් ගියේ නැහැ.


ටීම් එකේ අනිත් අය ගැනවත් නොහිතා වෙන කෙනෙක් ගන්න ඕන බෝතලයකට පැන්න එතිශ්ය ටීම් එකට ලකුණක් අරගෙන හතරවෙනි මැච් එක දිනුවත් කකුල ලිස්සලා ගිහින් දකුණු කකුල තුවාල වුණේ සම්පූර්ණයෙන්ම කොල්ලාගේ නොසැලකිල්ල නිසා කියලා කෙනුල් හොදින්ම දැක්කා.



කලින් මැච් වලදි වගේම මුකුත් නොවුනු ගානට ඇවිත් වාඩිවුණු එතිශ්ය දිහා රවලා බැලුව කෙනුල් වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටේ ටීම් එකේ අනිත් අයත් කෙනුල්ගේ බැල්ම නිසාම කොල්ලා ලගට එනකොට.


36 LettersDonde viven las historias. Descúbrelo ahora