එදා රෑම වොලිබෝල් මැච් එක ගැන කතා කරගන්න ඕනි හැමදේම කතා කරගෙන ඉවර කරගත්තත් කෙනුල් නෙවෙයි ටීම් එකේ දේකට ඇරෙන්න එතිශ්ය එක්ක කතා කරේ. කොල්ලා දෙහාර එක්ක හිටියෙ හරියට එතන එතිශ්ය කියලා කෙනෙක් නෑ වගේ.
එතිශ්යට දවස් දෙක තුනක් ගියාම කෙනුල් මෙහෙම හැසිරෙන්න හේතුවවත් හිතාගන්න බැරිවුනා තමයි. ඒත් කොල්ලාට ලාවට වගේ මතකයි එක බියර් ටින් එකක් නිසා කෙනුල්ටත් වදින්නම මොනාහරි කිව්වා කියලා. සමහරවිට ඒක 'මගේ රෙද්දවල් උඹට වැඩක් නෑනෙ' වගේ එකක් වෙන්න පුළුවන් කියන්න එතිශ්යත් දන්නවා.
බැල්කනි වැටට බර දීලා පුංචි පුංචි එලි වලින් දිලිසෙන පේරාදෙණියෙ හුරුපුරුදු දර්ශනය දිහා බලාගෙන හිටිය එතිශ්ය තොල් අතර තිබුණු සිගරට් එක අතට අරගෙන තුන්වෙනි තට්ටුවේ ඉදන්ම බිමට අතහැරියේ සිගරට් එක දිහාවත් බලන්නෙ නැතුව. වැටෙන්නම බොන්න ඕනි වුනත් බෝතලයක් අතට ගත්ත ගමන් දැනෙන මහ මුස්පේන්තු ගතියට බෝතලේ පොලොවෙ ගහන්න මිසක් වෙන දෙයක් හිතෙන්නෙ නැහැ. ඒකට වගකියන්න ඕනි මිනිස්සු දෙන්නා මේ වෙලාවෙ මොන ලෝකෙද කියන්නවත් එතිශ්ය දන්නෙ නැහැ.
දැන් තමයි එතිශ්ය තමන්ගෙන්ම අහගන්නෙ මොන මගුලකට කෙනුල් දෙහාර දෙන්නාව මේ ගෙදරට එක්කගෙන ආවද කියලා. එදා තරහා ගිය දෙහාර පොලොවෙ ගැහුව දේවල් උන් දෙන්නා අස් කරලා ගියත් ඒ ගැන බලන්නවත් අද පලවෙනි තට්ටුවේ නවතින්නෙ නැතුවයි එතිශ්ය තුන්වෙනි තට්ටුවට ආවෙ. අඩුම එතිශ්ය තනියෙම හිටිය තැනකට තියෙන්නෙ මේ බැල්කනිය විතරයි. දැන් තමයි කොල්ලාටත් මතක් වෙන්නෙ කෙනුල්වවත් මෙතෙන්ට එක්කගෙන ඇවිත් නෑ නේද කියලා.
එදා රණ්ඩු වුනාට මොකද දැන් නම් දෙන්නා සෑහෙන්න ෆිට් වෙලා කියලා එතිශ්යට තේරුණේ කෙනුල් ඉන්ස්ටා අප්ලෝඩ් කරලා තිබුණු ෆොටෝස් වලින්. ඒ ඇරෙන්න එතිශ්ය නෙවෙයි මේ දවස් ටිකට ඉස්කෝලෙ පැත්තෙවත් ගියේ. ටීම් එකේ මිනිස්සුන්ට අවුලක් පෙන්නන්න බැරි නිසා ඉදලා හිටලා හවසට ප්‍රැක්ටිස් ගියත් එතිශ්ය වැඩිපුරම කරේ බෝඩිමට වෙලා 'අ.පො.ස උස්ස පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර' කියලා තියෙන තඩි පොත් තුනක් එක්ක බිසී වුන එක. එහෙමත් නැත්තම් මේ විදිහට පේරාදෙණියෙ හුලගට හිතේ තියෙන දේවල් සිගරට් දුමක් එක්ක යන්න දුන්න එක.
YOU ARE READING
36 Letters
General Fiction"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත්...