Chapter 9

38 11 0
                                    

next day morning

අලුත් දවසක ආරම්භය සනිටුහන් කරමින් ජනෙල් තිර අතරින් පෙරිලා එන හිරු කිරන ජිමින්ගේ මුහුන සිපගනිද්දි ඇගමැලි කැඩුව ජිමින් ඇදෙන් බැහැලා වොෂ් රූම් එකට රිංගන් වොෂ් එකක් දාන් එයාගේ වැඩේට ගැලපෙන විදිහේ ඇදුමකට මාරුවෙලා උදේ කෑමත් අරන් ජින්හිට් එක බලා පිටත් වුනා.

එයා යනකොටත් ජින් ජිමින්ගේ වැඩේට උවමනා දේවල් තිතටම ලෑස්ති කරමින් හිටියා..

කඩියා වගේ එහෙ මෙහෙ යන ජින් ලගට ජිමින් යනවත් එක්ක ජිමින්ව දැක්ක ජින් ලස්සන හිනාවක් එක්ක ජිමින්ව එයාගෙ කැබින් එකට එක්ක ගියා..

ඒ ගිහින් තවදුරටත් ජිමින්ගේ අවශ්‍යතාවය ගැන අහලා දැනගත්ත ජින් එයාගේ උපරිමය ජිමින් වෙනුවෙන් කරන්න පොරොන්දු වුනා..

ඉතින් හිමිදිරි උදයේ හිතට දැනුන හොදම වෙලාවෙදි එයාලා වැඩෙ පටන් ගත්තා...

"good morning everyone..මන් හනා..ඔයාලා මේ නරබන්නේ චැට් විත් හනා..අද අපි එක්ක කතාකරන්න ඇවිත් ඉන්නේ මුලු ලෝකයක් වශීකරන් තරු අතරත් ලොකුම තරුව වෙන පාර්ක් ජිමින්.ඉතින් ජිමින් කොහොමද ජීවිතේ"

"හොදයි..අභියෝග වලට මුහුන දෙමින් ජිවිතේ හොදින් ගතකරනවා.."

"ඒක අහන්නත් සතුටක්...අපි වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඔයා ගැන පොඩි කෙටි හැදින්වීමක් කරමුද..."

"ම්..මන් පාර්ක් ජිමින්..වයස 23යි..සොලෝ සිගර් කෙනෙක් වගෙම ඩාන්සර් කෙනෙක්.."

"අවුරුදු 23 ක් වෙනකොට ලෝකයක් වශීවුන දක්ෂ ගායකයෙක් නර්තන ශිල්පියෙක් වෙන්න ඔයා ගොඩක් වෙහෙස මහන්සි වෙන්න ඇති.. අපි කැමතියි ඔයාගේ ජිවිත කතාව මුල ඉදන් දැනගෙන ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැනත් දැනගන්න..ඒක ඔයාව අහන් ඉන්න බලන් ඉන්න සමහර ප්‍රේක්ෂකයන්ගේ ජීවිත වල ටර්නින් පොයින්ට් එක වෙන්නත් පුලුවන්"

"අනිවාරෙන්ම..ලෝකයක් හදුනන සාර්තක මනුස්සයෙක් වෙන්න මට එන්න තිබුන පාර මල් වලින් සැරසුන සුන්දර එකක් නෙමෙයි. කටුවලින් සැරසුන ගොඩක් දුෂ්කර එකක්. අන්න ඒ නිසයි මන් අද මේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙලා මගේ කතාව ලෝකයටම කියන්න හිතුවේ...."

"ඉතින් අපි ලෑස්තියි ඔයාගේ කතාවට ඇහුන්කන් දෙන්න..."

"ම්..මන් එහෙනම් මගේ ජීවීතේ දේවල් කනපිට හැරෙන්න ගත් කාලේ ඉදන් කතාව පටන් ගන්නම්.."

නිවේදිකාව දිහා බලන් ජිමින් එහෙම කිව්වත් හරි රෙකෝඩ් කරන එක මොහොතකට නතර වුනා..

"එහෙනම් ජිමින් මෙතනින් එහාට ඔයා දිගටම කතාව කියන්න..එතකොට අපිට පුලුවන් පස්සේ ප්‍රෝග්‍රෑම් ඒකට ගැලපෙන විදිහට කතාව එඩිට් කරන්න..."

"හරි හියුන්...."

ඉතින් එතනින් පස්සේ ආයෙම රෙකෝඩ් කරන්න ගනිද්දි ජිමින් එයාගේ කතාව කියන්න පටන් ගත්තා...

I'm sorryWhere stories live. Discover now