"අපි කොහෙහරි ඇවිදින්න යමුද.."
"බෑ..මට කරන්න වැඩක් තියේ.."
පේරන්ස් මීටින් එක දවසේ ඔම්මටයි අප්පටයි දුන් පොරොන්දුව නිසා ආයෙම අධ්යාපනයට මුල් තැන දුන් මම දවස් ගානක ඉදලා බොබ් කරන මේ වගේ ඉල්ලීම් ප්රතික්ෂේප කලා..
ඒත් එයා කවදාවත් ඉල්ලීම් කරන එක නතර කලේ නෑ..
එක දෙයක් කරන්න බෑ කියලා මිනිත්තු පහක් යන්න කලින් තව මොකක් හරි දෙයක් කරන්න අඩගහනවා..
මන් කොහොමහරි හිත පාලනේ කරන් ආයේ ආයේ බෑ කිව්වත් මට බෑ කියන්න බැරි අවස්තාත් තීනවා..
"අපි මොනාහරි කමුද...මට හොදටම බඩගිනියි..."
ඒ වෙලාවේ මටත් පොඩි බඩගින්නක් තිබුනා.
ඒත් මේ දෙවෙනි පීරියඩ් එක තුන්වෙනි එක ෆ්රී ඉතින් කැෆේ එකෙන් බඩට මොනාහරි දාගත් ගමන් ඒවා දිරවන්න කියලා බොබ් ඊගාවට කරන්නේ මන් එක්ක ස්කූල් ගාර්ඩ්න් එකේ ඇවිදින එක..ඒ කියන්නේ කාලය කා දැමීමක්..
"මන් සල්ලි දෙන්නම් ඔයා ගිහින් කන්න.."
"තනියම කන්න බෑ අනේ.."
"එහෙනම් මටත් එක්ක මොනාහරි අරන් එන්න.."
"හයියෝ.."
එයා කන්කෙදිරි ගෑවත් තීරනේ වෙනස් නොකරපු මන් මගේ මගහැරුනු ඉගෙනීම් කටයුතුවලට අවදානය දුන්නා..
මොකද ගෙදරින් මට දිලා තීන නිදහස රැකගන්නනම් මගෙන් දෙයක් එයාලට වෙන්න ඕනී..
එයාලා වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ ඉගෙන ගන්න එක වෙනකොට මන් ඒ දේ මගේ උපරිමෙන් කරන්න හිතාගත්තා...
මාසෙන් මාසෙට තියන පුන්චි ටෙස්ට් වලදි මන් ආයේ ලකුනු ස්කෝර් කරද්දි මගේ ඔම්මයි අප්පයි වගෙම ගුරුවරුත් ගොඩක් සතුටු වුනා
ඉතින් මන් තව උනන්දුවෙන් වැඩ කලා...
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."