Chapter 45

21 8 2
                                    

ඉතින් උදේ වරුව ටීවි එක ඉස්සරහා ගෙවලා දවල් වරුවත් පිස්සු වැඩ තොගයක් එක්ක ගෙවලා දැම්ම කොල්ලො ටික හවස් වෙලා ජේජු වලට සමුදීලා ආයෙම ගෙවල් බලා පිටත් වෙන්න එයාර්පෝට් එකට ආවා..

සතුටින් පිරිලා ඉතිරිලා හිටපු කොල්ලො හරිම සැහැල්ලුවෙන් එයාලගේ ගමන පිටත් වෙද්දි දවස් ගානක ඉදන් එයාලා වටේ කැරකුනු උකුසු ඇස් දෙකක් කටකොනේ රැදුනු හිනාවක් එක්ක එයාගේ කැමරාවේ සටහන්වුනු ෆොටො චෙක් කරේ මෙදා සැරේ ජිමින්ට ඇපත් නැති වෙන සප්‍රයිස් එක්කින්ම අලුත් අවුරුද්ද පටන් ගන්න හිතාගෙනයි...

ඉතින් නැවතුන තැනින් ආයෙම සෙල්ලම පටන් ගන්න අරමුනින් ඒ උකුසු ඇස් දිගටම ජිමින් පස්සේ පන්නද්දි ඒ ගැන පොඩිම අදහසක්වත් නැති ජිමින් සැහැල්ලුවෙන් හිටියත් යුන්ගිට දැනුනු අමුත්ත නිසා එයා එයාගේ සපත්තුවේ තිබුනු ලේස් එක ගැටගහන්න බිමට නැමුනා.

ඉතින් එයා දැක්කා..

ටේ ජිමින් දෙන්නව ෆෝකස් කරලා එල්ල වෙන කැමරාව...

මාස්ක් එකක් දාන් හිටියත් කලින් උන සිදුවීම් එක්ක මේ කවුද කියන්න පොඩි අදහසක් තිබ්බ යුන්ගි ආයෙම එයාගේ පාඩුවේ කට්ටිය එක්කම එයාර්පෝර්ට් එක ඇතුලට ගියා...

හැබැයි එයාගේ ඇස් ජූන් එක්ක කතා කලා වගෙම මේ ඇස් සෙල්ලම ටේත් දැක්කා...

ඉතින් හැට් එක්කුයි මාස්ක් එක්කුයි දාන් පුලුවන් තරම් මූන කවර් කරන් ටේගේ කරේ එල්ලිගෙන කියවන ජිමින්ට පොඩි හිනාවක් දීලා ටේ එයාගේ ෆෝන් එක අතට අරන් යූන්ට මැසේජ් එකක් දැම්මා..

ඉතින් යුන්ගි එයා දැක්ක දේ ගැන වගෙම එයා අනුමාන කරන දේ ගැන ටේට කිව්වා වගෙම ඒපමාවට ජූන්ගෙන් ටේට මැසේජ් එකක් ආවේ කලබල වෙලා අනවශ්‍ය ප්‍රශ්නයක් දාගන්න එපා කියලයි...

එයාලා හොදම යාලුවො කියන එක කවුරුත් දන්න දෙයක් නිසා ඔය ෆොටො වලින් මහ ලොකු බලපෑමක් බෝගම්ට කරන්න බැරි බවත් කලින් වගෙම මේ සැරෙත් එඩිට් මිස වෙන සරනක් බෝගම්ට නෑ කියලා එයාලා විශ්වාස කලා..

හැබැයි එයාලා හිතුවට වඩා දේවල් බෝගම් ලග තිබුනා..

මොකද ජිමිනි එයාගේ ෆෑන්ස්ලට පොඩි ප්‍රෑන්ක් එකක් කරලා ජේජු පැනන් එයාගේ උපරිම නිදහස බුක්ති වින්දනේ හිතේ හැටියට...

I'm sorryWhere stories live. Discover now