බෝගම් අවුලපු ගින්න නිවිලම යන්න සතිදෙක්ක කාලයක් ගතවුනා..
ඒ සතිදෙක්ක කාලෙදි බෝගම්ගේ පටි රෝල් වෙලා එයා නිර්වස්ත්‍ර වෙද්දි කොල්ලො හත්දෙනා හිටියටත් වඩා ෆේමස් වුනා..
පස්සේ බලාගන්න අරමුනෙන් අඩියක් පස්සට තිබ්බ රජයත් ජින්ගෙ අලුත් යෝජනයි යූන්ගේ බලපෑමයි ජූන්ගේ ආධාර උපකාරයි අනම් මනම් දාහක් ජාති නිසා කොල්ලො හත්දෙනාට උදව්වෙන්න එයාලගේ නීති වල අඩුපාඩු හොද විදිහට වෙනස් කරන්න තීරනය කලා..
අන්න ඒ නිසා රට ඇතුලේ මෙතාක් දුක්විදිමින් හිටි පිරිසගේ ආදරේ ඕනිවටත් වඩා කොල්ලො හත්දෙනාට ලැබුනා..
ඉතින් හැමදේම හොද විදිහට විසදුනා...
මේ හැමදේටම මුල් වුන බෝගම්ව සුද්දෙක් උස්සන් රට පැන්නා...
ආයේ අත්මෙකට ඔය සුද්දගෙන් බෝගම්ට ගැලවිල්ලක් නම් ලැබෙන එකක් නෑ...
කොකාට වාරක් තීනවනම් තිත්තයටත් වාරයක් තීනවලුනේ..
බෝගම්ගේ හිරිහැරයට ලක් වුන අයත් අවස්තාව ලැබුන ගමන් එයාලගේ ඇරියස් හරිගානට පහුගිය ටිකේ කවර් කරගත්තා..
ඉතින් සියල්ලොම දැන් සතුටින්..
ඔව් ඔව්..සියල්ලොම...
මොකද බෝගම් කොච්චර අකමැති වුනත්... බෑම කිව්වත් නෑම කිව්වත් සුද්දගෙන් එයාට හිංසාවක් නොවී නොහිතුව විදිහේ ආදරයක් අවදානයක් ලැබෙද්දි අවසානේ එයත් එයාගේ හරිම නවාතැන හොයන් තිබුනා...
ඉතින් සියල්ලොම සතුටින්...යුන්ගේ අප්පත් ඇතුලුව...
පුතාගේ සතුටට වඩා වෙන දේවල් වටින්නෑ කියලා තේරුන් ගන්න ටිකක් කල්ගත්ත එයා යූන්ට ජින් හෝප් ඩබලව බදින්න අවසර දුන්නා...
ඉතින් එයාලා පුලුවන් ඉක්මන්ට එයාලගේ වෙඩින් එක ගන්න තීරනය කලා..
පහුගිය ටිකේ වුන සිදුවීම් එක්ක ජිමින් ටිකක් පරක්කු වෙලා හරි එයාගේ ගායක ජීවිතේට සමුදීලා අප්පගේ බිස්නස් බාර ගත්තා...
ඇති වුන ප්‍රශ්න නිසා ලැබුනු අවදානෙත් එක්ක වෙනදටත් වඩා බිස්නස් වැඩිවෙලා තීද්දි එයාලට මේ අවුරුද්ද ඇත්තටම ගොඩක් සුභ එකක් වෙලා තිබුනා...
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."