Last Chapter

40 5 25
                                    

අද කොල්ලො හත්දෙනාගේ ජීවිතේ ගොඩක් වටින දවසක්...

එලිමහන් උත්සව ශාලවක සරලකමත් එක්ක ලොකුවට ගන්න වෙඩින් එකක්...

කොල්ලො හත්දෙනගෙම නෑයෝ හිත මිතුරෝ පවුලේ අය පිරිවරාගත්තු ලස්සන ආකර්ෂනීය වෙඩින් එකක්...

එයාලගේ හිත් වල තිබුන වගෙම අලංකාර වෙඩින් එකක්...

චාරිත්‍ර වාරිත්‍ර අකුරට ඉටු කරමින්...කාගෙවත් හිතක් නොරිද්දමින් හැමෝගෙම ආශිර්වාදය මැද සිද්ද වුන හරිම අපූරු වෙඩින් එකක්...

දිවුරුම් දීම් මුදු මාරු කරගැනීම් හා සිපගැනීම් මැද නීතියෙන් තමන්ගේ ආදරේ තමන්ගෙම කරගත් එයාලා එයාලගේ මංගල රැය වෙනුවෙන් එයලා ප්ලෑන් කරගත් තැන්වලට පිටත් වුනේ පවුලේ අයගේ ආශිර්වාද මැදයි..

ඉතින් ජිමිනුත් එයාගේ බබූ එක්ක දියඇල්ලක් එක්ක ලී වලින් හදපු ලස්සන කොටේජ් එක්කට ආවා..

ඒක ජිමින්ගේ අප්පට අයිති තැනක් නිසා එයාලට බයවෙන්න කිසිම දෙයක් නෑ...

ඉතින් ටිකක් වෙහෙසකර වරු කීපෙකට පස්සේ වොෂ් එකක් දාන් සැහැල්ලු වුන ඩබල කොෆි එකක් හදන් දිය ඇල්ලට මුහුනලා ගෙයින් එලියේ කොටසේ තිබ්බ ටේබල් එකේ පුටුවක වාඩිගෙන ලස්සන හිනාවකින් එකිනෙකා දිහා බැලුවා...

"ඉතින්..අන්තිමට අපි අපේ වුනා..."

ටේටේ ජිමිනිගේ අතක් එයාගේ අතකට මැදි කරන් සියුම්ව පිරිමදිමින් එහෙම කියද්දි කෝපි උගුරක් බිව්ව ජිමින් ටේගේ අත ආපිට අල්ලන් ටේ දිහා බැලුවා..

"ඔව්...හැබැයි අර්ධවශයෙන්..."

ටේගේ ඇස් දිහා බලන් එහෙම කිව්ව ජිමින් අන්තිමට ඇහැක් ඉගිමරද්දි ටේට සද්දෙන් හිනාගියා...

"මගේ පුංචි කුමාරයාට හරිම හදිසියි වගේ.."

"ඔව්නේ...අපේ පැටව් අපි වයසට යනකොට ලොකු වෙලා ඉන්නත් එපැයි..දැන් ඉතින් හාර්ඩ් වර්කින් තමයි.."

තවත් කෝපි උගුරක් බොන ගමන් ජිමින් ඇස් යටින් බලලා එහෙම කියද්දි ටේගේ අතට ජිමින්ගේ අත තද වුනා...

අපේ පැටව්...! ඒක හරි ලස්සන හැගීමක්...

ජිමින් උපතින් අරන් ආව ඒ වාසනාව ගැන ටේ දැනගත්තේ ජිමින්ගේ ඩයට් කිරිල්ල නිසා එයා හොස්පිට්ල් ගිය වෙලෙයි..

I'm sorryWhere stories live. Discover now