"මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ජිමිනි..."
"ලව් යූ හියුන්..."
"ලව් යූ ටූ පැටියෝ..."
දවස් කීපයක් පුරා පටිගත කෙරුනු ජිමිනිගේ කතාව වෙලාව ලැබෙන හැටියට බලලා අඩු පාඩු හැදෙව්ව ජින් ජිමින්ගේ අන්තිම පටිගත කිරීමෙන් පස්සේ එයාව තදින් හග් කරන් එහෙම කියද්දි ජිමිනි හරි ලෝභ කමින් ජින්ට තුරුලු උනා..
සොහෝදරයෝ කවුරුත් නැති ඒ හිතට මේ ලැබෙන ආදරේ ඇත්තටම මාරම දෙයක් වුනා...
ජිනීගේ උදව් නිසා ප්ලෑන් කරන් හිටියට වඩා හොදට ප්රෝග්රෑම් එකේ වැඩ හොදින් කරගත් ජිමින් විඩියෝ එකේ ඉතුරු වැඩ ටික ජින් ඇතුලු කන්ඩායමට බාර කරලා ආපහු එයාගේ බබූ ලගට ඉගිල්ලුනා...
ඒ ඉගිල්ලෙන අතර වාරෙදි ජිමිනිගේ සිතිවිලි වලට සම්පූර්නයෙන්ම අයිතිය කිව්වේ ටේටේ..
කලින් එයා එයාගේ ෆෑන්ලා වෙනුවෙන් හෙලි කල එයාගේ ජීවිත කතාවේ එයා හෙලි නොකල පැතිකඩක් වුන එයාගේ ආදර කතාව එයාගේ මුලු හිත පුරාම හොල්මන් කලා...
කිම් ටේහියුන්.....ජිමිනිගේ එකම ආදරේ...
කිම් හෝල්ඩර් එකේ හිටපු ඕනර්ගේ මුනුබුරා වුන ටේටේ..ජිනීගේ කසින් කෙනෙක්...ජිනීගේ ඔම්මයි ටේගේ අප්පයි සහෝදරයෝ...
මිස්ටර් කිම්ගේ වචනෙට පිටින් ගිහින් පවුලට නොගැලපෙන විවාහයක් කරගත් නිසා ටේගේ අප්පව පවුලෙන් අයින් කලා..
ටේගේ පුන්චිම කාලේ ගොඩක් අගහිගකම් එක්ක ගෙවෙද්දි පුන්චි ටේටේ නිතරම ලෙඩ වෙද්දි ඒ ලෙඩට බෙහෙත් කරගන්න බැරුව යද්දි ටේගේ අප්පට මිස්ටර් කිම් කියපු වචන වදදෙද්දි ජීවිතේ බැරෑරුම් කම ගැන තේරුන් යද්දි දහදුක් විදලා හම්බකරලා ටේටේවයි වයිෆ්වයි බලාගන්න මහන්සිවුනා..
සැප පහසු ජීවිතයක් ගතකරලා අගහිගකම් එක්ක ගෙවෙන ජීවීතේ දරාගන්න ටේගේ අප්පට ගොඩක් අමාරු වුනා..
ඒත් එයා එයාගේ පවුල රැකන් ඉස්සරහට යන්න ගොඩක් උත්සහා කලා..
ඒත් අවාසනවකට එයාට හදීසියේම ජීවිතෙන් සමුගන්න සිද්දවුනා..
මිස්ටර් කිම් එයාගේ පුතාගේ මරනෙටවත් සහභාගී නොවුන එක ගැන ටේගේ ඔම්මට ලොකු දුකක් තරහක් දැනුනත් වරද එයාලා අතේ නිසා හැමදේම දරන් ටේටේ වෙනුවෙන් ජීවත් වෙද්දි නිතර ලෙඩවෙන ටේටේ එක්ක නිතරම හොස්පිට්ල් යද්දි ටේගේ යහපත ගැන හිතලා එයා ටේටේව කාටහරි හදාගන්න දෙන්න තීරනේ කරා..
එයා ඒ තීරනේ ක්රියාවට නංවන්න කලින් හරිම අහම්බෙන් වගේ හොස්පිට්ල් එකේදි මිස්ටර් කිම්ට ටේටේව මුන ගැහුනා..
පුංචි හුරතල් බෝලයක් වුන ටේටේ කිරිදත් පෙන්නලා හිනාවෙද්දි වාවගන්න බැරුව ගිය මිස්ටර් කිම් ටේටේගේ සියලුම වියදම් දරන්න කැමති වුනා...
ටේටේ ගැන දැනුනු ආදරේට එයාව බලාගන්න මිස්ටර් කිම් කැමති උනත් ටේගේ ඔම්මටයි අප්පටයි සමාවක් දෙන්න නම් එයා කීයටවත් කැමති වුනේ නෑ...
දහදුක් විදලා හම්බකරන් උපරිම සැප දීලා දරුවෝ හදාවඩා ගත්තේ හිතුමනාපෙට තීරන අරන් විහින් විනාස වෙන්න නෙමෙයි කියන මතෙයි එයා හිටියේ..
ලයිට් එලිය පස්සේ යන මෙරුවාගේ ඉරනම ගැන දුක් වෙන්නවත් පසුතැවෙන්නවත් එයාව සාදාරනී කරනය කරන්නවත් නොයා ඒ සිදුවීම එක සිදුවීමක් විදිහට දැකලා එයා එයාගේ අනික් දරුවොන්ව හරි පාරේ යවන් එයාගේ ජීවිතේ ගතකලා..
දෙමාපියො කියන දේවල් අහන්න කියන්නේ ඒ මිනිස්සු සමාජේ එක්ක ජීවත් වෙලා ගොඩක් අත්දැකීම් තියෙන පරිනත මිනිස්සු නිසයි..
එයාලා අතේ යම් යම් අඩුපාඩු තිබුනත් දේවල් තීනවා කවදාවත් නොසලකා හරින්න බැරි...
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."