"ජිමින් !! ජිමින් !!"
වෙනදට රෑ වෙලා ගෙදර එන අප්පා කල් ඇතුව ගෙදර ඇවිත් කවදාවත් නැතුව ගේ දෙවනත් වෙන්න කෑගහන්න ගත්තා..
ඒ එයාගේ ෆෝන් එකට නොදන්න නම්බර් එක්කින් ඇවිත් තිබ්බ ෆොටො වගයක් නිසයි..
මට ගහන්න අත උස්සලත් ආයේ අත පාත දාපු අප්පා මට ඒ ෆොටො පෙන්නුවාම මගේ හිතට දැනුන හැගීම මේකයි කියලා මට විස්තර කරන්න බෑ..
මොකද අප්පගේ ෆෝන් එකට ඇවිත් තිබුනේ ෆොටෝස් දාපු වීඩියෝ එකක්..
ඒකේ පැහැදිලිව පිලිවෙලින් බොබ් මාව ඇදන් ගාර්ඩ් එකට යන ෆොටො එකයි එක බෙන්ච් එකෙන් ඉදගෙන ඉන්න එකයි මන් එයාට කේක් කවන එකයි එයා මගේ අත අල්ලන එකයි මන් එයාගේ දිහා ගැස්සිලා බැලුව වෙලේ ලිප්ස් ලං වුන ෆොටො එකයි වගෙම වෙන කවුරු හරී මූන පැහැදිලි නැති කොල්ලො දෙන්නෙක් කිස් කරන ෆොටො එක්කුයි ප්ලේ වෙන විදිහට හදලා තිබුන වීඩියෝ එකේ එන්ඩ් එකට බොබ් මගේ අත තදින් අල්ලන් ඉන්න වෙලේක ෆොටො එක්කුත් තිබ්බා..
ඒවා එයා කොහොම කාට කියලා ගත්තුවද කියන්න මන් දන්නේ නෑ..
"මෙච්චර කල් රැකගත්ත නම්බුවට තමුන් මේ මොකක්ද කරගත්තේ ජිමින්.."
අප්පා ආවේගෙන් අහනකොට මන් ඔම්මා දිහා බැලුවා..
ඊටපස්සේ බොබ් හම්බුනු දවසේ ඉදන් අද වෙනකල් වුන දේවල් අප්පා එක්ක එකක් නෑර කිව්වා..
"ඒ ලමයා ඔයාගේ ජිවිතේට බාදාවක්...එයාව කොහොම හරි ඔයාගෙන් ඈත් කරවන්න ඕනි'
හැමදේම අහන් හිටි අප්පා අවසානෙට එහෙම කියද්දි එයාගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා..
ඒක බලපු අප්පගේ මූන වෙනා වුනා..
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."