"ඔයා අපිට මොනවද ගෙනාවේ.."
"ආ.."
"අද ඔයා ස්කූල් එකට අලුතින්නේ ආවේ.ඉතින් අපිට මොනවද අරන් ආවේ.."
"ආ චුට්ටක් ඉන්න.."
මාව වටකරන් ඉන්න කොල්ලො ටිකට පොඩි බැල්මක් දුන්න මන් ඉක්මනින් බෑග් එක ඇතුලේ තිබුන ස්වීට් බොක්ස් එක දුන්නා
"ඔහ්..ලමයා හරි හොදයිනේ.."
බොක්ස් එකේ තිබුන ටොපි චොක්ලට් ක්ලාස් එකේ අනික් ලමයි එක්ක බෙදාගනිමින් එක ලමයෙක් එහෙම කියද්දි තව ලමයෙක් උගුර පාදලා මන් ඉස්සරහින් හිට ගත්තා..
"ඔයාට සින්දු කියන්න නටන්න රගපාන්න පුලුවන්ද..."
"මට සින්දු කියන්න පුලුවන්..ඕනිනම් නටන්නත් පුලුවන්..හැබැයි රගපාන්නනම් අනේ මන්දා.."
මන් අන්තිම ටික උරහිස් අකුලලා කියද්දි පන්තියේ ලමයි ටික හිනාවුනා..
"මේ ලොකේ ඉන්න හැම මනුස්සයාම ඉපදුන දවසේ ඉදන් කරන්නේ රගපාන එක..ඉතින් ඔයාට රගපාන්න බැරි වෙන්න හේතුවක් නෑ.. ඒ නිසා අපි කැමතියි ඔයා රගපානවා බලන්න"
"ඒත්.."
"ඒත් මේත් නෙමෙයි..අපි කිව්ව දේ කරන්න.."
"හොදයි..මන් කරන්නම්.."
මන් හොද හුස්මක් පාත දාලා පුටුවෙන් නැගිටින්න යද්දි මගේ පිටිපස්සේ හිටන් හිටි කවුරු හරි මගේ උරහිස් වලින් අල්ලලා මාව ආයේ ඉන්දුවා..
"ගයිස් අපි මෙයාට සින්දුවක් කියන්න කියමු.."
හරිම හුරු පුරුදු කටහඩක් මගේ ලගින් ඒ විදිහට ඇහෙද්දි ඒ හඩේ අයිති කාරයාව මන් තත්පරයක් යන්නත් කලින් අදුන ගත්තා..
නමක් ගමක් දන්නේ නෑ ඒත් මනුස්සයෙක් වෙන එයා..
"ඒත්..."
"මුකුත් කියන්න එපා..අපි බලමු ලස්සනට කතාකරන්න පුලුවන් මෙයාට ලස්සනට සින්දු කියන්නත් පුලුවන්ද කියලා.."
"හරි එහෙනම්..ඔයා සින්දුවක් කියන්න"
මට රගපාන්න කිව්ව ලමයා මන් දිහා බලන් එහෙම කියද්දි මන් කියන්න හොද සින්දුවක් කල්පනා කලා..
අන්තිමට මන් කියන්න තෝරගත්තේ justin bieber ගේ love yourself song එක..
මන් ඒක කියන්න පටන් ගද්දි වගෙම කියලා ඉවර වෙද්දිත් මුලු පන්තියම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙලා ඉද්දි මට එහා පුටුවේ හිටි මහත ලමයා ඒ නිශ්ශබ්දතාවය බිදලා ක්ලැප් කරන්න ගද්දි අනික් අයත් ක්ලැප් කරා..
"පට්ට වියිස් එක.."
"මන් වශී වුනා.."
"සුපිරියක් තමයි.."
"සුප්පා..."
එක දිගට එක එක විදිහට සින්දුව කියපු එක ගැන එයාලා ප්‍රතිචාර දක්වද්දි මන් හිනාවෙලා ඒ හැමෝටම ස්තූති කලා..
ඉතින් ඒ සින්දුවේ අවසානේට මුලු පන්තියම මාව එයාලගේ යාලුවෙක් හැටියට පිලිගත්තා.
"දැන් යමු කන්න..බ්‍රේක් ටයිම් එක ඉවර වෙන්නත් කිට්ටුයි.."
එයා මගේ උරහිසින් අතක් තියලා එහෙම කියලා මගේ අතින් ඇදන් ස්කූල් කැෆේ එකට ගියා...
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."