Chapter 41

32 8 8
                                    

මේ ගෙවෙන්නේ සීතල දෙසැම්බරේ අන්තිම සතියේ අන්තිම දවස් ටික..

ජිමින් හිටියේ ටේගේ උනුහුමට ගුලි ගැහිලා සුවබර නින්දක...

ජනවාරි වෙද්දි Idol life එකෙන් සමුගන්න කලින් එයාගේ ෆෑන්ලා වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම සතුට දෙන්න එයා පහුගිය දවස් ටිකේම ගොඩක් මහන්සි වුනා..

ඉතින් ලැබුන පුන්චි ඉඩෙත් ටේගේ උනුහුම හොයන ජිමින් පැරිස් ගමනින් පස්සේ ටේ ලග ගෙව්ව දවස් දෙකට පස්සෙ ආයෙමත් ටේගේ උනුහුමට ගුලිගැහිලා..

ටේගේ පපුව උඩට බෝල කම්මුල් තදකරන් සැපට ඇස් පියන් ඉන්න ජිමින්වයි ජිමින්ගේ ඉනවටේ අත්පටලන් සුවබර නින්දක ඉන්න ටේටේවයි ඇහැරවන්න ලෝභකමින් ඉරත් වලාකුලු අතරෙ හැංගිලා..

ඒත් මිනිත්තු පහකට විතර පස්සේ දෙතුන් සැරයක් රින් වුන ෆෝන් එක නිසා ජිමින්ගේ නින්ද කැඩෙද්දි ටේගේ පපුව උඩ හිටි එයා රින් වෙන ෆෝන් එක ආන්සර් කරලා කනේ තියා ගත්තා..

"හෙලො ජිමින්.."

"කියන්න හියුන්ග්"

"ඔයාලා කොහෙද ඉන්නේ...අපි ඔක්කොමලා එයර්පෝට් එකට ඇවිත් ඉන්නේ.."

"අහ්.."

"ඔයාලා විතරයි අඩු..."

"විනාඩි පහක් දෙන්න...අපි ඉක්මනින් ඔතනට එන්නම්..."

හොබීගේ කෝල් එකත් එක්ක ටේගේ බර්ත් ඩේ එක වෙනුවෙන් ප්ලෑන් කල ට්‍රිප් එක ගැන මතක් වුන ජිමින් කෝල් එක කට්කරලා නිදන් ඉන්න ටේගේ මූනට එබුනා..

"බබූ..බබුවෝ...නැගිටින්න මැනික..."

ටේගේ කම්මුලට අතින් පුන්චි තට්ටු දාලා ඇහැරවගත්ත ජිමින් ටේටේ ඇස් ඇරියම එයාගේ තොල් වලට පුන්චි හාද්දක් දීලා වොෂ් රූම්එකට රිංගගද්දි ඇගමැලි කැඩුව ටේටේත් ඇස් පියන්ම වොෂ් රූම් එකට රිංගගත්තා...

දෙන්නත් එක්ක ඉක්මනින් වොෂ් එකක් දාගෙන කලින් දවසේ පැක් කරපූ සූට් කේසුත් අරන් එයාර් පෝර්ට් එක බලා පිටත් වුනා..

ටේ ජිමින් දෙන්නා ලෑස්ති වෙන අතරෙදි ජූන්ට කෝල් එකක් දීලා කුකීව ඇහැරවගත්ත හොබී එයාලගේ රූම් එකට ගිහින් බෙඩ්ශීට් අතරේ ගුලිගැහිලා සැපට නිදන් ඉන්න යූන්ගේ ඇග උඩට නැග්ගා..

"හේයි...පැටියෝ..නැගිටින්නකෝ..දැන් මන් කියේ ඉදන්ද ඔයාට කතාකරන්නේ..මන් අර දෙගොල්ලන්ටම කිව්වේ අපි ලෑස්ති වෙලා එයාර්පෝට් එකට ඇවිල්ලත් ඉවරයි කියලා."

හැමදාමත් ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙද්දි වෙලාවට එන්නේ නැති යූන්කුක්ටේ ත්‍රිබලව එදා ඉදන්ම බොරු කියලා කූද්දගන්න එක ජින් හොබී ජිමින් ජූන් කට්ටියගේ පුරුද්ද..

එයාර්පෝට් එකට එන්න ලේසි නිසා කලින් දවසේ ජූන් කුකීගේ ගෙදර නතර වෙද්දි ජින් යූන්හෝප් ඩබලගේ ගෙදර නතර වුනා..

ඉතින් ඒ නිසයි ටේවයි කුකීවයි ඇහැරවන වැඩේ ජිමින්ටයි ජූන්ටයි බාර කරලා ඒ දෙන්නව හෝබී ඇහැරෙව්වේ...

සෙට් එකෙන්ම කවදත් වෙලාවට වැඩ කරන ඩබල උන ජින් හෝප් ඩබලගෙන් ජිනී කෑම බීම හදන් ගෙනියන්න ලෑස්ති කරද්දි නිදි කුම්බා පැල තුනෙන් ඇහැරන්න අමාරුම පැලේ වුන යූන් තාමත් ඇස් ඇරලා නැති කොට හොබී එයාගේ අවසන් තුරුම්පුව විදිහට ජින්ව යූස්කරන්න හිතුවා..

"ඔයා දැන් නැගිට්ටේ නැතොත් මන් ජිනීට කියනවා..එතකොට බැරියැ උදේ පාන්දර පස්ස රත්කරන් කන් අඩි යන්න අහගෙනම වොෂ් දාන් රෙඩි වෙන්න..."

"තව විනාඩි පහක් දෙන්නකො.."

ජින්ගැන මතක් කරනවත් එක්කම ඇස් ඇරිය යූන් මූන බෙරිකරන් එහෙම කියද්දි හොබී යූන්ගේ නහය අග හැපුවා..

"ෆ්ලයිට් එකේදි නිදාගන්න..දැන් වොෂ් දාන් රෙඩිවෙන්න...අර කට්ටිය දැනටමත් ගෙදරින් පිටත්වෙලා ඇති..."

පූස්ගේ කම්මුල් වලින් ඇදලා එහෙම කිව්ව හොබී පූස්ගේ ඇගෙන් බහින්න හැදුවත් හෝබීගේ ඉනවටේ අත් පටලගත්තු යූන් හොබීගේ ලිප්ස් පෙක් කරලා එයාව තුරුල් කරන් ඇස් පියගත්තා..

විනාඩියක් විතර එහෙමම යූන්ට තුරුල් වෙලා හිටි හොබී යූන්වත් ඇදන් ඇදෙන් බැහැලා යූන්ව වොෂ් රූම් එකට දාලා යූන්ට අදින්න ඇදුමක් ඇද උඩි තියලා ජින්ට උදව් කරන්න කිචන් එකට ගියා..

I'm sorryWhere stories live. Discover now