මට වඩා අවුරුදු හයක් වැඩිමල් වුන ජින් හියුන් එයාගේ හොදම යාලුවො වුන යුන්ගි හියුන්වයි එයාගේ bf වුන හොබී හියුන්වයි මට පහුවදා අදුන්වලා දුන්නා..
ඒ වගෙම ටේටේගේ යාලුවෝ දෙන්නා වුන නම්ජූන් ජන්කුක් දෙන්නවත් මට පහුවදා අදුනගන්න ලැබුනා..
ජින්,ජූන්,යූන්,කුක්,හෝප්,ටේ හයදෙනා හොදම යාලුවෝ කියන සීමාවෙන් ඔබ්බට ගිහින් හොදම සහෝදරයො වෙද්දි මාවත් ඒ ලස්සන පවුලට එකතු කරගන්න එයාලා කැමති වුනා..
ඉතින් අලුත් ස්කූල් එකට ගිය පලවෙනි දවසෙ ඉදන් උදාවුන හැම දවසක්ම මගේ ජීවිතේ හොදම දවස් වෙද්දි මන් හුගක් සතුටින් කාලේ ගතකලා..
ක්ලාස් එකේ හැම ලමයම මගේ යාලුවො වෙද්දි පුන්චි විවේක කාලයන් වලදි පොඩි විහිලුවක් කරන් සින්දුවක් කියලා විනෝද වෙන්න , යාලුවෝ අතරේ කෙටි සටහන් හුවමාරු කරන් ඉගෙනීමේ වැඩත් හොදින් කරගන්න මන් පුරුදු වුනා..
තමන් කියන හැගීමෙන් මිදිලා අපි කියන හැගීමෙන් හැම අභියෝගයක්ම ජයගන්න කට්ටිය එක්ක එකතුවෙලා පුන්චි පාර්ටි දාන්න තරගකාරීත්වයෙන් මිදිලා ජීවිතේ විදින්න ඒ පාසලේදි මට පුලුවන් වුනා..
පිට පන්ති වල ලමයින්ගෙන්,ටිකක් වැඩිමල් අයගෙන් ප්රශ්න ඇතිවෙන්න ගියත් ඒ තැන් වලදි මන් වෙනුවෙන් පෙනී ඉන්න සෙට් එකක් මටත් ඉද්දි මේ ලෝකේ සතුටින්ම ඉන්න මනුස්සයා මං කියලා මගේ හිත කෑගැහුවා..
වෙන කවදාටත් වඩා මන් සතුටින් කාලේ ගත කරද්දි මගේ ඔම්මයි අප්පයි ගොඩක් සතුටු වුනා..
එයාලා ඒ හැම වෙලාවකම ටේහියුන්ව මතක් කරලා ස්තූති කරන්නත් අමතක කලේ නෑ..
ඒ දවස්වල ඒකට මන් හේතුව නොදැන හිටියත් පස්සේ කාලෙක මට ඒ හේතුව දැනගන්න ලැබුනා...
ඉතින් බොබ් මාව වට්ටන අදහසින් දුන්න සප්රයිස් එකෙන් මගේ ජීවිතේ හොදම හමුවීම් ගොඩක් සිද්දවුනා..
ජීවිතේ වෙන හැමදේම වෙන්නේ හොදට කියන එක ඒ සිද්දියෙන් පස්සේ මන් හොදටම විශ්වාස කරන්න පටන්ගත්තා....
------------------------------------------------------------------
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."