Chapter 36

33 9 13
                                    

දෙවෙනි වටෙනුත් පස්දෙනෙක් අයින් වෙලා ගිහින් තුන්වෙනි වටෙනුත් පස්දෙනෙක් අයින් වෙලා ගියේ මාවයි අනික් ලමයවයි අවසන් දහදෙනා අතරට තෝරලයි..

අවසන් දහදෙනාට දෙන්නා දෙන්නා තරග කරන්න තීද්දි මගේ හදවත වේගෙන් ගැහුනේ මාවයි අනික් ලමයවයි එකට වැටෙයි කියන බයට..

එහෙම වැටුනොත් හැමෝටම තෝරාගැනීමක් කරන්න වෙනවා..ඒක අවුලක්...

කොහොමහරි එකම ස්කූල් එකේ අයට අවසන් තරගෙදි විතරක් මුහුනට මුහුන තරග කරන්න දෙන්නේ කියලා අපිව දැනුවත් කලේ මගේ හිතට ලොකු සහනයක් දීලයි..

මේ වෙන හැමදේම මට වාසී සහගත විදිහට සිද්දවෙද්දි මන් හිතුවෙම කොතනම හරි තැනක මට වරදීවී කියලා..

ඒත් එහෙම නොවී මාව අවසන් පස්දෙනා අතරටත් තේරුනේ ඒ අවසන් පස්දෙනාට අපේ ස්කූල් එකෙන් තේරුන අනික් ලමයත් ඇතුලත් වෙද්දියි...

ෆයිනල් රවුන්ඩ් එකට අපේ ස්කූල් එකේ නියෝජනය කරන දෙන්නෙක් ඉදීම ගැන ස්කූල් හෙඩ් වගෙම ලමයිනුත් හිටියේ හෙනගැම්මෙන්..

ස්කූල් එකේ ටීචර්ස්ලා ඕල්ඩ් ස්ටුඩන්ට්ලා හැමෝම අපි දෙන්නගේ හයියට ඕඩියන්ස් එකට ඇවිත් හිටියා..

පුලුවන් උපරිම සංඛ්‍යාවක්...අනික් අයව වෙනම සප් එකට එලියෙන් හිටියා...

මොකද දැනටමත් අපි දිනලා තීන්නේ...

කොහොමහරි අපි පස්දෙනා අතරේ තරගෙදි මුලින්ම පස්දෙනාටම සින්දු කියන්න කියලා වැඩිම මනාපේ තීන එක්කෙනාව පැත්තකට කරලා අනික් හතර දෙනාගෙන් දෙන්නා දෙන්නා තරගකරලා පැරදෙන දෙන්නා  අතරෙයි දින්න දෙන්නා අතරෙයි තරගයක් තියලා දිනන දෙන්නා එක්ක වැඩිම මනාපයක් ආව කෙනා තරග කරලා පලවෙනියා තෝරන මේ තරගයේ පලවෙනියො එක්කෙනයි දෙවනියො දෙන්නයි තුන්වෙනියො දෙන්නයි විදිහට ඉවර වෙනවා..

ඉතින් පලවෙනි වටේදි වැඩිම මනාපේ තීන කෙනා වෙන එක පස්දෙනාගෙම ටාගට් එක වුනා..

ඒත් ඒ අවස්තාව වෙන ස්කූල් එක්ක ලමයෙක්ට ලැබුනා..

ඊලගට මටයි මගේ අනික් කෙනාටයි ඉතුරු දෙන්නා එක්ක තරග කරන්න උනා මගේ අනික් කෙනා ඒ තරගෙන් දින්නත් නොහිතුව විදිහට මන් ඒකෙන් පැරදුනා ඉතින් අනික් පැරදුන කෙනා එක්ක තරග කරලා මට දිනන්න සිද්ද වුනා..

මගේ අනික් කෙනයි මන් එක්ක තරග කරලා දින්න කෙනයි අතරෙන් මගේ අනික් කෙනා පැරදුන නිසා අන්තිම තරගෙට මායි වැඩිම මනාපේ තිබ්බ කෙනයි කලින් මාව පරද්දපු කෙනයි තේරුනේ මන් ගොඩක් නොසන්සුන් වෙද්දි...

කොහොමහරි මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්න හැමදෙනාම වෙනුවෙන් හිතට හයිය අරන් මන් අන්තිම වටේට let me down slowly song එක කිව්වා..

තුන්දෙනා අතරින් අන්තිමේට කියන්න හිටි මට දිනන්න වොට් දෙකක් මදි වෙද්දි එක සැරේම වොට් ලැබුනේ පියන් හිටි මගේ ඇස් ඇරවලයි..

මන් දැක්කේ ෆෝන් එක අතේ තියන් මන් දිහා හිනාවකින් බලන් හිටි අප්පව..

තරගේ ඉවර වෙන අන්තිම තත්පරේදි මෙච්චර දවසක් කිසිම තරගයක් බලන්න නාව මගේ අප්පා එවලේ ඇවිත් හිටියා වගෙම එයා එයාගේ මනාප දෙකම මට දීලා මාව දිනෙව්වා..

මගේ ජීවිතේ අමතක නොවෙන දවස්වලින් රන් අකුරින් ලියවුන දවසක් හැටියට එදා දවස මට හදුන්වන්න පුලුවන්...

------------------------------------------------------------------
මේ කතාවත් 400+ වොට් ආවා...😇❤️

හදීසියට ලියන්න අරන් පටන් ගත්තු කතාව ඉවර කරන්න ඕනී නිසා අප්ඩේට් දුන්නට මට මේ කතාව සෙට්ම නෑ...🥲😁💖

🥲😁💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I'm sorryWhere stories live. Discover now