Chapter 11

41 9 2
                                    

"මගෙ නම ලී බෝගම්..ඔයාට පුලුවන් බොබ් කියන්න.."

නෝට් එක ලියන එක පැත්තකට දාලා එයා මගේ දිහාට අත දික් කරද්දි පුදුම උන් මන් ටික වෙලාවක් කල්පනා කරලා හෑන්ඩ්ශෙක් කලා.

"මන් ජිමින්..පාර්ක් ජිමින්.."

"ඔහ්.."

මගේ නම කියද්දි හිනාවකින් වැහුන ඒ මූන මගේ වාසගම අහද්දි ඇදුරු වුනේ එයාගේ අතට මගේ අත අත්හැරෙද්දියි..

මේම වෙනවා කියලා කල් ඇතුවම දැනන් හිටිය මම හිනාවෙලා ආයේම මගේ වැඩේට අවදානය දුන්නා..

එයත් කිසි කතාවක් නැතිව එයාගේ පාඩුවේ වැඩ ටික කරන් ගියා..

බ්‍රේක් ටයිම් එකේදි ක්ලාස් එකේ ලමයි එයාව වටකරගත්තේ මන් මගේ පාඩුවේ කෑම කද්දියි

"තමුන්ගේ නම මොකක්ද..."

"ලී බෝගම්.. "

"අම්මයි තාත්තයි මොකද කරන්නේ.."

"අම්මා නර්ස් කෙනෙක්..තාත්තා ඩොක්ටර් කෙනෙක්.."

එතකොටම ක්ලාස් එකේ ලමයි හයියෙන් හිනාවෙන්න ගත්තේ බය වෙලා හිටි බොබ්ව තව බයකරවලයි..

එයා කිව්වේ බොරු..ඒක එයාගේ ඇස්වලින් පේනවා..

ඉතින් එයා හිතන්නැති ඒක මෙයාලට අහුවුනා කියලා..

ඒත් එයාලා හිනාවෙන්න හේතුව ඒක නෙමෙයි කියන්න මන් දන්නවා..

"මධ්‍යම පාන්තිකයෙක්..ස්කෝලර් ශිප් එක්කින්ද ආවේ.."

"ඔ.ඔව්..."

"හ්ම් හ්ම්...අපි ඉස්සරහට අදුන ගමුකො.."

තව මිනිත්තු දහයකින් බ්‍රේක් එක ඉවර වෙන නිසා අදට බොබ් බේරෙද්දි ක්ලාස් එකේ ලමයි ස්කූල් කැෆේ එකට ඉගිල්ලුනා..

බොබ් එයාගේ කෑම එක අරන් හෙමීට කන්න පටන් ගද්දි කෑම කාලා ඉවර වුන මන් මගේ හෝම්වර්ක් කරන්න ගත්තා..

මොකද ස්කූල් වෙලාවෙදිම හෝම්වර්ක් කරාම ගෙදරදි මට නිදහසේ මගේ වැඩක් කරගන්න පුලුවන්..

"excuse me..මට..මට ඔයාගෙන් ක්ලාස් එකේ පරන නෝට් ඉල්ල ගන්න පුලුවන්ද..."

කලින් තිබ්බ ඔක්කොම ලොකු ලයින් පැත්තකට දාලා එයා මගෙන් එහෙම අහද්දි මටත් ලාවට කටකොනින් හිනගියා..

මොකද ක්ලාස් එකේ මුලු ගැහිලා ඉන්න කොට එයා හිතන්න ඇති මාත් සාමාන්‍ය පවුලක ලමයෙක් කියලා..

"ඔව් පුලුවන්...."

වචන දෙක්කින් උත්තර දුන්න මන් එයාට මගේ පොත් ටික දුන්නා..

----------------------------------------------------------------

kim1tharu ඔන්න අප්ඩේට් අරන් ආවා අක්කි..🙃❤️

I'm sorryWhere stories live. Discover now