Chapter 31

28 9 2
                                    

"ඔයා හොදින්ද..."

අලුත් ස්කූල් එකට ගිහින් එලබුන අලුත් සතියක අලුත් දවසක ටේ මගේ මූන පුරා ඇස් යවමින් අහද්දි මන් එයා එක්ක හිනාවුනා..

"ඇයි ඔයා එහෙම අහන්නේ.."

"ඔයාගේ මූන සුදුමැලි වෙලා..බැලූ බැල්මට මොකක්දො වෙනසක් තියේ..."

"මන් කෙට්ටුවෙලාද.."

"කෙට්ටුවෙලා නම් න්~පොඩ්ඩක් ඉන්න..ඔයා ඩයට් කරනකද ?!.."

ටේගේ ඇගීම් වෙනස්වෙන මූනේ කැපීපේන ඇස් දෙක මගේ ඇස් ලග නතරවෙද්දි මට ඒ ඇස් මගහරින්න හිතුනා...

"කවදා ඉදන්ද..කොහොමද...මොකක්ද ප්ලෑන් එක..කවුද ප්ලෑන් එක හැදුවේ..ඔම්මා අප්පා දන්නවද...ඇයි මට නොකිව්වේ..."

එක දිගට ප්‍රශ්න වැලක් අහන් ගිය ටේ ප්‍රශ්න ඔක්කොටම මගෙන් උත්තර බලාපොරොත්තු වෙද්දි මගේ බඩ සද්දෙන් කෑගැහුවේ මගේ බඩ ටිකක් රිදුම් දෙද්දි...

"උදේට කෑවද..."

"..."

"රෑට ?"

"..."

"පාර්ක් ජිමින්..?!ඔයා මාව තරහා ගස්සන්න යන්නේ..."

මගේ ඇස් දිහා කෙලින් බලන් එහෙම කිව්ව ටේ මාවත් නැගිට්ටවන් ස්කූල් කැෆේ එකට යන්න ගියත් මගදි මට වොමිට් වෙන්න ගත්තා

මට ටේහියුන්ව මුන ගැහිලා ගතවුන මාස දෙක්කට ආසන්න කාලය පුරාවට නොදැක්ක ටේගේ තරවටු බැල්ම ඕනිවටත් වඩා මට දකින්න ලැබෙද්දි ඇත්තටම මට ගොඩක් බය හිතුනා..

මගේ මෝඩ වැඩ නිසා එයාගේ යාලුකම නැතිවේවිද කියලා..

ටේ,ජූන්,කුක්,ජින්,හෝප්,යූන් කියන ස්කූල් එකේ කඩවසම්ම කොල්ලො හයදෙනාගේ කොට බතල පාත්ත පැටියා වුන මම එයාලා මන් නිසා ස්කූල් එක ප්‍රශ්න ඇතිකරගන්න එක වලක්වන්න ගත්තු මේ තීරනේ අඩුපාඩු තීන බව මට තේරුනත් මට ඕනි උනේ ඉක්මන් ප්‍රතිඵල..

අන්න ඒනිසයි මන් එයාලා එක්ක ඉද්දි විතරක් කෑම අරන් අනික් හැම වෙලාවෙදිම ෆෘට් ජූස් බිලා ඇපල්,දොඩම්,කැරට් වගේ දේවල් කෑවේ.

ඒත් මගේ බරේ වෙනසක් නොවෙද්දි ඒ කෑම බීමත් ලිමිට් උන එක හිතලම අමතක කල එක මන් කරපු බරපතලම වැරැද්දක් කියලා මට තේරුනේ ටේටේ වදකරලා කරලා මාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව වෙලාවේ..

ඩොක්ටර් බෙහෙත් ටික ලියනකන්ම මට බනිද්දි මන් මගේ අතේ ඇගිලි දිහා බලන් ඒ කියන දේවල් ඔහේ අහන් හිටියේ මගේ මෝඩ ඩයට් කිරිල්ල නිසා මගේ බඩේ තුවාල ඇති වෙන්න අරන් කියලා ඩොක්ටර් කිව්ව නිසයි.

දැන් ඩොක්ටර්ගෙන් බැනුම් අහලා එලියට ගියාම යාලුවෝ හයදෙනාගෙනුත් බැනුම් අහලා ඔම්මා අප්පා දෙන්නගෙනුත් බැනුම් අහලා සැරින් සැරේ වේදනා දෙන බඩත් දරන් ඉන්න ඕනී කියලා මතක් වෙද්දි මට මන් ගැනම කලකිරුනා 

එක්කො මට බොබ් කියපු දේ අහලා මගේ පෙනුමට ගැලපෙන යාලුවෝ ආශ්‍රය කරන්න තිබුනා.එහෙම කරානම් එයාලා මන් නිසා ප්‍රශ්නවල පැටලෙන්නෙත් නෑ මන් මෙහෙම ප්‍රශ්න දාගන්නෙත් නෑ කියලා මගේ හිත මටම දොස් කියද්දි ඩොක්ටර් දුන්න බෙහෙත් අරන් මන් ටේ එක්ක එලියට එද්දි අනික් හයදෙනා මෙඩිකල් රූම් එක ඉස්සරහා අත් බැදන් බුම්මන් ඉදියා..

එයාලගේ මූනු දිහාට බැලමක් දීපු මන් හොද හුස්මක් අරන් එයාලගෙන් බැනුම් අහන්න සූදානම් වෙද්දි එයාලා කට්ටියම ඇවිත් මාව තදින් හග් කලා..

"අපි හොදටම බය වුනා..ආයේ මෙහෙම කරන්න එපා..ඔයාට අපි ඉන්නවා..ඕනිම දේකට..ඉතින් අපි එකතුවෙලා වැඩ කරමු"

ඒ පස්දෙනාම එහෙම කියද්දි ටේ පැත්තකට වෙලා අපි දිහා බලන් හිටියා..

එයාගේ මූනේ තරහක් නැතිව වේදනාවක් තියෙද්දි ඇත්තමයි මට මන් එක්ක හුගක් තරහා ගියා..

කොහේවත් ඉන්න මිනිස්සු නිසා මන් මගේම මිනිස්සුන්ට දුක් දුන්න නපුරු පාත්තයෙක්...

I'm sorryWhere stories live. Discover now