ඉතින් එදා ඒ විදිහට ඒ තරගේ පලවෙනියා වුන මන් තරගෙන් ලැබුන සල්ලි ජින් හියුන් ඇතුලු මගේ යාලුවොන්ට බාර කරද්දි එයාලා ඒක ස්කූල් එකේ වැඩ වලට ගන්න ප්‍රින්සිපල් සර්ට දුන්නා..
ටීවි චැනල් එකෙන් වෙනම මගේ ස්කූල් එකට මුදල් ත්‍යාග වගෙම දුප්පත් ලමයි වෙනුවෙන් ශිෂ්‍යත්ව පොත්පත් වගේ දේවලුත් දුන්නා...
මට හොදම කම්පැනියකින් Idol කෙනෙක් වෙන්න අවස්තාව ලැබුනා...
මල් කටු පිරුනු මාවතක ලස්සන හීනයක් හැබෑ කරගන්න තිබුන උවමනාවට මන් පියවර තියලා යද්දි මන් වැටෙන තැන්වලදි මට මාව දරාගන්න බැරි තැන්වලදි මගේ හයියට මගේ දෙමාපියො වගෙම මගේ සහෝදරයො හයදෙනත් හිටියා..
ඉගෙනීමේ වැඩ එක්ක ඒ හැමදේම බැලන්ස් කරගන්න මට එයාලගෙන් ලැබුන උදව්ව වචනෙන් විස්තර කරන්න බැරි තරම්..
මන් මගේ ගමන යද්දි අනික් හය දෙනත් එයාලගේ හීනවලට පිය මැන්නා..
ඒ ඒ මවතේ ඇවිදන් යද්දි වැටෙන්නේ කවුද ඒ කෙනාව අල්ලගන්න අපි හයදෙනෙක් හිටියා..
කාලය ටික ටික ගෙවෙද්දි ජින් හියුන් එයාගේ ඉගෙනීම් කටයුතු අවසන් කරලා හරබොජිගෙ බිස්නස් බාර අරන් පැරිස්වලට ගියා...
ඒ ගියත් එයා අපිව අමතක නොකර පුලුවන් උපරිමෙන් අපි එක්ක කතාකරලා අපි ගැන හොයලා බලලා අපේ හයියට හිටියා...
හොබී හියුන් එයා ආසකලා වගේ ඩාන්සින් ඇකඩමි එකක් පටන් ගද්දි සුගා හියුන් මියුසික් ෆීල්ඩ් එකෙන් එයාගේ වැඩ කරන් ගියා..
ස්කූල් එකේ මායි ටේයි කුකියි ජූනුයි ඉතුරු වුනා...
අපි හතර දෙනත් අපේ ෆයිනල් එක්සෑම් ගොඩදාන් අපේ හීන හබා ගියා...
කුකී මොඩ්ලින් කරද්දි ජුනී පොඩියට ගැලරි එකක් පටන් අරන් ඒක ටික ටික දියුනු කරා..
ටේටේත් පොඩියට පටන් ගත් එයාගෙම ව්‍යාපාරයක් ටික ටික දියුනු කලා...
කාලය හරි ඉක්මනින් ගෙවිලා යද්දි අපි හැමෝම ලෝකයක් දන්න ප්‍රසිද්ද මිනිස්සු වෙලා...
අවුරුදු 11ක් කියන්නේ ලොකු කාලයක්...
අවුරුදු 10 කන්ට්‍රැක්ට් එක්කට බිග් හිට් එකෙ Idol කෙනෙක් වුන මට දැන් මේ ක්ෂේත්රයෙන් සමුගන්න කාලෙත් ඇවිත්...
මන් ඊලග අවුරුද්දේ ජනවාරි 13 වෙනිදට මේ ක්ෂේත්රයෙන් සමුඅරන් අප්පගේ බිස්නස් වලට ජොයින්වෙලා ඒවා දියුනුකරන් මගේ ජීවිතෙත් පිලිවෙලක් කරගන්න බලාපොරොත්තු වෙනවා...
ඉතින් මට ඕනී උනා ඔයාලා නොදන්න මගේ ජීවිතේ එක පැතිකඩක් ඔයාලට කියලා යන්න
ඔයාලා මේ අවුරුදු දහය පුරාවටම මට දුන්න ආදරේට මේක මගෙන් ලැබෙන පුන්චි ගිෆ්ට් එකක්..
මන් හිතනවා ඔයාලට මගේ කතාවෙන් ගන්න පුංචිම පුංචි වැදගත් දෙයක් හරි ඇති කියලා..
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."