Chapter 33

30 9 0
                                    

"ජිමිනීඊඊඊඊඊඊ...ජිමිනියෝඕඕඕඕඕ..."

කොරිඩෝ එකේ ඉදන්ම කෑගහන් අපේ ක්ලාස් එකට ජින් හියුන් අනික් අයත් එක්ක කඩන් පැන්නෙ මන් අද ඇවිත් ඉන්න මේ ගමනට පාර පෙන්නුව මැප් එකත් අරගෙනයි..

ඒ කිව්වේ ස්කූල් එකේ තීන ගායන තරගයක් ගැන නෝටිස් බෝර්ඩ් එකේ තිබ්බ දැන්වීමක් අරගෙනයි..

"මේ තරගෙට සහභාගී වෙන්න කැමති ලමයිගෙන් හොදම වොයිස් තුන තෝරලා අනික් ස්කූල් එක්ක තරග කරන්න යවනවා..

ඒ තරග වලදි ස්කූල් තුනකින් ලමයි දෙන්නා ගානේ ප්‍රසිද්ද ටීවි චැනල් එක්ක ගායන තරග වලට සහභාගී වෙන්න පුලුවන්..

ඒකේ ඉන්න හැමෝම අතරින් හොදම පස් දෙනාට Idol කෙනෙක් වෙන්න හොදම කම්පැනි පහකින් අවස්තාව ලැබෙනවා..

ඒ වගෙම වෙන වෙනම ප්ලේස් එක අනුව තෑගිත් ලැබෙනවා..

මේ අවස්තාව ස්කූල් එක්කට ලැබෙන්නේ අවුරුදු හතරකට සැරයක්...

ඉතින් මේ සැරේ අපේ ස්කූල් එකෙන් ඔයා තමයි මේ තරගෙට ඉදලා දිනන්න ඕනී...

පලවෙනියා නැතත් මුල් පස්දෙනා අතරටවත් එන්න ඔයාට පුලුවන් වෙයි..ඔයාගේ වොයිස් එක ස්වීට් නිසා...අනික ඔයා ඇහැට කනට පේන ලස්සන කොල්ලෙක් නිසා දිනන එක ගේමක් නැතිවෙයි..."

හුස්මක් නොගෙන එකදිගට කියෙව්ව ජින් හියුන් අන්තිම ටික කිව්වේ මගේ කම්මුලකුත් ඇදලා..

හියුන් කියවන කියවිල්ලට හෙලවෙන එයාගේ තොල් දිහා බලන් හිටි මට හියුන් කියපුවා හරියට නොතේරුන නිසා මන් හියුන්ගේ අතේ තිබ්බ කොලේ මගේ අතට ගත්තා..

මන් ඒක කියවලා ඉවර වෙද්දි අපේ සෙට් එක වගෙම මුලු පන්තියම මන් දිහා බලන් හිටියා.

ඒ හැමෝම එක හඩින් කිව්වේ මට මේ තරගෙට ඉන්න කියලයි...

I'm sorryWhere stories live. Discover now