Chapter 21

37 10 3
                                    

unknown නම්බර් එකෙන් ඇවිත් තිබ්බ පනිවිඩෙත් එක්ක බොබ් ගැන ඔක්කොම විස්තර හොයාගත් අප්පා මාවත් එක්කන් බොබ් කිව්ව ජූස් බාර් එකට ගියා..

"තමුන්ට මොනවද ඕනී.."

"තමුන්ගේ පුතාව.."

"එයාව දෙන්නෙ නෑ කවදාවත්..."

"ඒත් මට එයාව ඕනීමයි..."

"මන් දන්න තරමින් තමුන්ට එයාට වඩා ඕනි දේවල් ඕනි තරම් තියේ..."

අපිට මුහුනලා ඉදන් හිටි බොබ්ගේ ඇස් දිහා බලන් එහෙම කිව්ව අප්පා කින්ඩියට හිනා වෙලා එයාගේ ජූස් එක අතට ගනිද්දි බොබ් ඇස් හීනි කරන් අප්පා දිහා බැලුවා..

"තමුන් නටන්න හරි ආසයිනේ..ඉතින් මන් තමුන්ව ඇමරිකාවේ තීන හොදම නැටුම් කන්ඩායමට දාලා දෙන්නම්..තමුන් ඒකට ජොයින් වෙන්න ගොඩක් කැමතියිනේ..."

"මන් ගැන හොදට හොයලා වගේ.."

"ම්..ඉතින් මොකද කියන්නේ.."

"මගේ ඒ ආසාව ඔයාගේ පුතාව ලැබුනමත් ඉෂ්ට කරගන්න පුලුවන්නේ.."

"මේ ස්කූල් යන ලමයෙක්ට කියලා.."

"නෑ ඒ ලමයට අයිති වත්කමෙන්.."

"එයාට මොනාද අයිති..මන් නම් මගේ කිසිම දේපලක් එයාට පවරලා නෑ..එයාට තින්නේ එයා ඉපදුන වෙලේ හදපු බෑන්ක් අකවුන්ට් එකක් විතරයි..ඒකෙන් සල්ලි ගන්නත් 18 පහුවෙන්න එපෙයි.එයාට 18යි කියන්නේ ඔයාටත් 18යිනේ..අර බෑන්ඩ් එකට ජොයින් වෙන්න පුලුවන් 18ට අඩු අයට විතරනේ කොච්චර සල්ලි තිබුනත්..."

"ම්හ්..එහෙමත් කේස් එකක්ද..ඒත් එකම ලමයට නැතුව ඔයාගේ බූදලේ වෙන කාට දෙන්නද.."

"ඒවා දෙන්න මේ ලෝකේ ඕනි තරම් මිනිස්සු ඉන්නවා.."

"ඒකත් එහෙමද...ඒ කියන්නේ ඔයා මට මෙයාව දෙන්නෙම නෑ.."

"ඔව්.."

"ඒ කියන්නේ ඔයාට මෙයාව වටිනවා කියන එක..."

"එයාව මට වටිනවා කියන්නේ එයා වෙනුවෙන් මන් මගේ බූදලේ නාස්ති කරගන්නවා කියන එක නෙවේ..."

"ඒ කියන්නේ ඔයාට එකම දරුවට වඩා බූදලේ වටිනවා.."

"මේවා පරම්පරාගත දේපල.."

"හ්ම් හ්ම්...මන් ඔයාගේ තීරනේට එකගයි හැබැයි කොන්දේසියක් පිට.."

"මොකක්ද.."

"මට මගේ කියලා ඇකඩමි එකක් පටන් ගන්න ඕනි කරන වියදම දරන්න කැමති වෙන්න ඕනි.."

"ඕකේ..."

ඉතින්..ලොකු පම්පෝරි එක්ක මට ආදරෙයි කිය කිය වැලලුන එයා අපෙ අප්පගේ සල්ලි ලග දනින් වැටුනා..

I'm sorryWhere stories live. Discover now