කොහොමහරි පැය භාගයක් යන්න කලින් එයාර්පෝට් එකට ආව කොල්ලො හත්දෙනා ජේජූ බලා පිටත් වුනා..
ජේජු වල බීච් එකට කිට්ටුවෙන්ම එයාලටම වෙන්වුන ටිකක් ලොකු බිම්කඩක ලස්සනට ලොකුවට හදලා තිබුන එයාලගේ ඩ්රොම් එක කාලෙකට පස්සේ එයාලගේ නවාතැන වෙද්දි තම තමන්ගේ සූට් කේස් අස්පස් කරගත්තු කොල්ලො ටික ටිකක් රෙස්ට් කරලා ජේජූවල ඇවිදලා විනෝද වෙන්න ඩ්රොම් එකෙන් පිටතට ආවා..
දෙසැම්බර් මුල තිබුන ජින්ගේ බර්ත් ඩේ එකට වගෙම ඊටකලින් තිබුන අනික් කොල්ලො පස්දෙනාගෙම උපන්දින වලට එක එක රටවල් වලට එකතු වුන මේ කොල්ලො ටික කාලයක් තිස්සේ ඉදන්ම කොච්චර වැඩ තිබුනත් බර්ත් ඩේස් එක තැනකට එකතු වෙලා එකට සමරන්න වෙලාව හදාගත්තා..
ඒ එයාලගේ බැදීම එයාලා මැරෙනකන්ම රැකගන්න වගෙම ලස්සන මතකයන් ඇතිකර ගැනීම වෙනුවෙනුයි...
ඉතින් ඉතිරි වෙලා තීන පැය ගානට හරියන්න ජේජූ වල ඇවිද්ද කොල්ලො ටික ඉර බැහැලා ගිහින් තරු වටකරන් හද අහසේ රජවෙද්දි ඩ්රොම් එක ලග බීච් එකට ආවා..
බීච් එකේ තිබුන ගල් තලාවක ඉදගෙන හද එලියෙන් දිලිසෙන මුහුද දිහා ටික වෙලාවක් බලන් හිටි කොල්ලො ටික තරු රටා හොයන තරගයක් තියලා අන්තිමට හත්දෙනත් එක්ක අත් අල්ලන් රැල්ල පාගන්න ගත්තා...
මුලින් සාමකාමීව රැල්ල පෑගුව කොල්ලො ටික පස්සේ දගලා විකාර කරලා මුහුදු වතුර ඔලුවෙ ඉදන්ම නාගෙන වැල්ලේ පෙරලුනා...
"ගොඩ කාලෙකට පස්සේ මුහුදු වතුර එක්ක නිදහසේ මෙහෙම පිස්සු නැටුවේ..."
"ඒකනම් ඇත්ත..."
"කොච්චර කොහේ ඇවිද්දත් මුහුද ලගදි තීන සතුට සැනසීම වෙන කොහෙදිවත් දැනෙන්නෑ"
කවදත් මුහුදට ආදරේ කල ටේටේ තමන්ට තුරුලු වෙලා ඉන්න ජිමින්ගේ කොන්ඩේ අස්සෙන් ඇගිලි ගෙනියන ගමන් ඒ ඇස් දිහාම බලන් එහෙම කියද්දි අනික් අයගේ මුවගේ ආදරනීය හිනාවක් ඇදුනා...
"අපිටත් එහෙම තමා...හිතට දැනුන තැන තමා සතුට සැනසීම් උතුරන්න තිබ්බේ..."
ජින් අහස දිහා බලන් එහෙම කියද්දි පූස් ජිනීගේ ඉනවටේ අතදාලා එයාව පපුවට තුරුලු කරගත්තේ ජිනීට එහා පැත්තෙන් හිටි හොබිත් ජිනීට තුරුලු වෙද්දියි...
පූස්ව දැක්ක දවසේ ඉදන් එයාට ආදරේ කල ජිනී හොබී පූස්ට ආදරෙයි කියලා දැනගත් දවසෙම ඒ හැගීම් හංගගෙන ලස්සනට හිනා වෙලා කාලේ ගතකලා..
හැමදාම තනිවෙලා ඉන්න බැරි නිසා ටේ නිසා අදුනගත්ත කුකිට ආදරේ කරන්න ජිනී උත්සහ කලත් හිතේ ඉන්නේ වෙන කෙනෙක් නිසා ඒක හරි ගියේ නෑ...
යූන් හොබී දෙන්නගේ එෆෙයාර් එක ලොවට හෙලි වුන දවසට මොනාවෙයිද කියලා හිතා ගන්න බැරිව ඉද්දි තව ප්රශ්න ඇති කරගන්න අකමැති වුන ජින් හැමදේම අත්හැරලා එක්සෑම් ඉවර වුන ගමන් එයාලගේ බිස්නස් බාර අරන් පැරිස් ගියේ එයාගෙම කැමැත්තෙන් වෙද්දි කාලෙත් එක්ක යූන් හෝප් දෙන්නා ජින් රට යන්න හේතුව දැනගත්තා...
එයාලටත් ජින්ගේ ආදරේ ගැන කිසිම ප්රශ්නයක් නෑ...
ඒත් දැන දැන අමාරුවේ වැටෙන දෙයක් කරලා ජිනී හදන් ඉන්න හිතත් කැඩිලා යාවී කියලා එයාලට බයයි...
එහෙමෙයි කියලා මේ වෙලාවේ ජිනීව තනි කරන්න බැරි නිසා ඒ දෙන්නා ජිනීව එයාලගේ උනුහුමට මැදි කරගනිද්දි ඒ තුන්දෙනාට දෙපැත්තෙන් බීච් එකේ වැතිරිලා හිටි අනික් හතර දෙනා එයාලා දිහා බැලුවේ හරි ආදරෙන්
"මේම හිටියා ඇති..අපේ හීන අපි ආස පාට වලින් හොදම විදිහට පාට කරගමු..පුලුවන් ඉක්මනින්..."
"අලුත් අවුරුද්ද වෙනුවෙන් හොදම පැතුම.."
ජූන් කිව්ව දේට එකගතාව පලකරමින් ඒම කිව්ව කුකී ජුනීට තුරුලු වෙද්දි අනික් අයත් ඒකට එකග වෙලා එකිනෙකාගේ උනුහුමට වෙලා කලුවර අහස හැඩ කරන තරු රටයි මුහුදට වැටුනු හද එලියයි රැල බිදෙන හඩයි එක්ක තම තමන්ගේ ලෝක වල තනිවුනා...
------------------------------------------------------------------
ගොඩකාලෙකින්...😁❤
I FOUND YOU 1k + 😃❤️
මගේ 1k + වුන 20 වෙනි කතාව...🙈❤️
ආදරෙයි මන් ඔයාලට ගොඩක්....😩❤
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."