විශ්වාස කරන්න...
මේ ලෝකේ සිද්දවෙන හැමදේම සිද්ද වෙන්නේ අපේම හොදටයි කියලා...
මගේ ජීවිතේ අදුරු චරිතයක් වුන බොබ් මගේ ජීවිතේ නොහිතුව තරම් එලිය කලා..
ඒකට ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනි බොබ්ට නෙමේ...
මගේ දරාගැනීමටයි මගේ අප්පටයි...
අප්පා මාව සීමාවන් දාලා කොටු කලත් එයා හැමදාමත් මන් වෙනුවෙන් කලේ හොදම දේ..
එයා මන් වෙනුවෙන් කල හොදම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මන් කියන්නේ ඒ ටේහියුන්ව මගේ ජීවිතේට ලංකල එක කියලයි...
ඔව්..ඇත්තටම එදා හන් රිවර් පාර්ක් එකේදි මට ටේටේව මුනගැහිලා තීන්නේ අහම්බෙන් නෙමේ...මගේ අප්පගේ උවමනාවට...
මගේ අප්ප ටේව අදුනගෙන තීන්නේ ටේගේ හරබොජි එක්ක තිබ්බ පුංචි බිස්නස් පාර්ටි එක්කදි...
ඒ පාර්ටි එකේදි අදුන ගත්තු ටේටේ මගේ වයසේ නිසා බොබ් කරපු වැඩේ නිසා අවුලින් හිටි මගේ හිත හදන්න අප්පා තෝරන් තිබුනේ ටේටේව...
එදා බොබ් මගේ හිත රිද්දාවි කියලා කල් ඇතුව අනුමාන කරලා තිබ්බ අප්පා එතනට යන්න කලින් ටේටේව එතනට ගෙන්නලා තිබුනා..
එතනින් පස්සේ ටේටේයි මායි අතරේ ඇතිවුන බැදීම අප්පගේ උවමනාවට ඇති වුන එකක් නොවුනත් ටේටේව මට මුන ගැහුනේ අප්පා නිසයි...
ඉතින් අප්පා...ඔයා හංගලා දෙන ඔය ආදරේ මහමෙරක් වගේ....
තේරුන් ගන්න කල් ගියත් ඔයා හැමදාමත් කලේ අපේ යහපත ගැන හිතලා වැඩ කල එක...
ඔය ආදරේට මාත් මහ ගොඩක් ආදරෙයි..
ඔයා තමයි මගේ වීරයා..
ඒ වගෙම ඔම්මා ඔයා හැමදාම මන් එක්ක ඉදලා මාව තේරුන් අරන් මන් වෙනුවෙන් හිටියා...
ඔයාගේ ආදරේ මිල කරන්න කිසිම දේකට බෑ...
ජින්,ජූන්,හෝප්,කුක්,යූන්, මගේ නොවන මගේම සහොදරයෝ ටික...
ඔයාලා මට දුන්න ආදරේ මගේ හදවතේ සියුම් තැන් ඕනිවටත් වඩා ස්පර්ෂ කලා..
ඔයාලට මන් හරි ආදරෙයි...
එතකොට කිම් ටේහියුන්..මගේ ඒලියන්..මගේ සෝල්මේට්..මගේ ආදරනීය යාලුවා...
ඔයාගේ ආදරේට මන් මහ ගොඩක් ආදරෙයි මහ ගොඩක් ලෝභයි...
අද ඔයාගේ 23 වෙනි උපන්දිනේ..සුභම සුභ උපන්දිනක් වේවා...!!!
ඔයාගේ සියලු ප්‍රාර්ථනාවන් පතන විදිහටම ඉෂ්ට වෙන්න ඕනී...මන් ආදරෙයි ඔයාට..
ඉතින් අවසාන වශයෙන් මේ වැඩ සටහනේදි මට කියන්න තීන්නේ,
"ආ මග කෙටී යා යුතු මග දුරයි..නිරතුරු නුවනැසින් තරනය කල යුතුයි..."
ගුඩ් බායි & ලව් යූ සෝ මච්...හැමදාමත් සතුටින් සැනසීමෙන් ඉන්න..
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."