Chapter 43

25 7 0
                                    

දුවලා පැනලා විනෝදවෙලා පලවෙනි දවස ගෙවලා දැම්ම කොල්ලො හත්දෙනා රෑ කෑම ඕඩර් කරලා පොඩි මූවී එක්කුත් බලලා නින්දට ගියා..

පහුවදා උදේ දහය විතර වෙද්දි ඇහැරගත්තු කොල්ලො ටික කලින් දවසේ ඇවිදින්න ගිහින් අරන් ආපූ බඩුවලින් එයාලගේ දවල් කෑම රෙඩි කරන්න ගත්තේ ජින් හොබී දෙන්නගේ රැවිලි ගෙරවිලි වගෙම පුන්චි ගුටිත් එක්කයි.

කිචන් එකේ එයාලා ඒ ගෙව්ව මොහොත හැමදාමත් වගේ හරි අපූරු දෙයක් වුනා...

කෑම හදලා වනසපු කුස්සිය පිරිසිදු කරලා වොෂ් එකක් දාන් හදපු කෑම වල රස බලපු කොල්ලො එදා දවස ගෙවන හැටි ප්ලෑන් කලා..

ඒ ප්ලෑන් එකට අනුව ජේජුවල කැලයක් අස්සේ බඩගාන්න ප්ලෑන් කල කොල්ලො ඕනී කරන දේවල් සූදානම් කරන් ඒ ගමන පිටත් වුනා..

එක එක තාලේ පිස්සු වැඩ ගොඩක් එක්ක බිම වැටි වැටි හිනාවේවී රන්ඩු කරමින් වාද කරමින් ඒ ගමන ගිය කොල්ලො කැලෑවේ කෙලවරට වෙන්න නිල්ම නිල් මුහුද එක්ක තීන වෙරල තීරේ පුන්චි කූඩාරම් ගහන් පොඩියට කෑම බීම ටිකක් ජූස් එකක් හදන් අනික් මිනිස්සු වගේ අව්ව තපිමින් විවිධ ක්‍රීඩාවල නියලෙමින් හවස් වරුව වෙනකන් දවස ගෙවලා දැම්මා..

ඊගාවට ආයෙම ඩ්‍රොම් එක බලා පිටත් වුන එයාලා මගදි කානිවල් එක්කටත් රිංගලා රෑ නවය දහය වෙනකොට ඩ්‍රොම් එකට යාගත්තා

ගමන් මහන්සිය නිසා හත්දෙනම වැටුන වැටුන තැන ඇස් පියාගනිද්දි පැය භාගෙකට විතර පස්සේ එක්කෙනා දෙන්නා නැගිටලා වොෂ් දාගත්තා...

කම්මැලිකමයි ඇගට දැනුන මහන්සියයි නිසා ටේටේ අන්තිමටම වොෂ් රූම් එකට රිංගගද්දි වෙලාව රෑ එකොලහයි හතලිස්පහත් පහුවෙලා තිබුනා..

ටේට හොරෙන් හදපු කේක් එකයි පුම්බලා තිබ්බ බැලුම් ටිකයි එක්කලා ටේගේ කාමරේ පටගාලා සැරසුව කොල්ලො ටික ස්ටෝබරි කේක් එකේ ඉටිපන්දම් පත්තු කරලා ලයිට් ඕෆ් කරලා ටේටේ වොෂ් රූම් එකෙන් එලියට එනකල් බලන් හිටියා..

නිදන් නැගිටලා සීතල වතුරෙන් වොෂ් දාගන්න තිබ්බ කම්මැලි කමට වොෂ් රූම් එක ඇතුලට වෙලත් ඇස් පියන් ටිකවෙලාවක් හිටි ටේටේ අන්තිමට හොට් වෝටර් වලින් වොෂ් දාන් එලියට එද්දි ඉටිපන්දම් එලියෙන් මූන හැඩකරන් වොෂ් රූම් එක ඉස්සරහා හිටන් හිටි ජිමිනි දැක්කමයි අද එයාගේ උපන්දිනේ කියලා කොල්ලට මතක් වුනේ..

උදේ නැගිට්ට වෙලේ උපන්දිනේ ගැන පොඩි මතකයක් තිබ්බත් දවල් එහෙ මෙහෙ ඇවිද්ද නිසා ඒක අමතක වෙලා ගියා..

ඉතින් තමන්ගේ ඉස්සරහා හිටන් ඉන්න ජිමින් පසුබිමින් බර්ත් ඩේ සෝන්ග් එක කියන අනික් පස්දෙනයි දිහා බලපු ටේගේ ඇස්දෙක ලස්සන හුරුබුහුටි පුංචි කේක් එක ලග නතර වුනේ තොල් අතරේ ඇදුනු ලස්සන හිනාවක් එක්කයි

එයාලා එක්ක  බර්ත් ඩේ එක සමරන පලවෙනි වතාව මේක නොවුනත් එයාලා එක්ක බර්ත් ඩේ එක සමරනකොට දැනුන හැගීම් හැමදාමත් එයාලට ආගන්තුක වුනා..

වයසින් ලොකු වුනත් එයාලා එයාලමයි....

ඉතින් ප්‍රාර්තනාවක් කරලා ඉටි පන්දන් නිව්ව ටේටේ ජිමින්ගේ නලලින් හාදුවක් තියලා අනික් පස්දෙනාව හග් කලා..

එයාලා දුන්න තෑගී බෝගත් එක්ක කේක් කපලා මහ රෑ දොලහයි ගානට පුංචිම පුංචි පාර්ටියක් දැම්ම එයාලා පැයකට පස්සේ විතර තම තමන්ගේ කාමරවලට ගියා...

I'm sorryWhere stories live. Discover now