බොබ් ස්කූල් ගෲප් එකට දාපු ෆොටෝස් විඩියෝ කාගෙවත් අතට නොයන විදිහට ඒවා අයින් කරලා දාන්න අප්පට පුලුවන් උබත් කලින් පන්තියේ ලමයි මාව බුලි කරද්දි එයාලව නැවැත්තුවා වගේ මේ සැරේ එයාට එහෙම කරන්න බැරිව යද්දි ඒ සිදුවීම සිද්දවුන දවසේ ඉදන් මන් ස්කූල් යන එක නැවැත්තුවා.
මොකද මට කාගෙවත් කතා අහලා මානසිකව වැටෙන්න උවමනාවක් තිබුනේ නෑ...
ඉතින් මන් ගැන හිතපු මගේ ඔම්මයි අප්පයි මාව වෙන ස්කූල් එක්කට දාන්න තීරනේ කලා.
ඒක මගේ කලින් ස්කූල් එක වගේ පන්ති පරතරේ තීන උද්දච්ච ලමයි ඉන්න ස්කූල් එකක් නොවීම මට සතුටක් ගෙනාවා.
ඒත් මන් ස්කූල් එකට අලුත් නිසා එයාලා මාව කොයි විදිහකට පිලිගනීද කියන එක මාව ටිකක් බය කලා...
ඉතින් මන් හිටියේ තැති ගැන්මෙන්...
අලුත් ස්කූල් එකට ඇතුල්වෙන දවස ආවම මන් කෝකටත් කියලා පොඩි ස්වීට්ස් බොක්ස් එක්කුත් අරන් සින්දුවකුයි පොඩි ඩාන්ස් එක්කුයි පුරුදුවෙලා ගියා..
එදා ස්කූල් එකෙන් ඇතුලට දෙමාපියන්ට යන්න නුදුන්න නිසා මන් එහෙ මෙහෙ යන ලමයි දිහා ඇස් කරක කරක බලමින් ඉදිරියට ඇදුනා..
ඒත් මගේ සපත්තුවේ ලේස් එක ලිහුන නිසා මන් ඒක ගැටහගන්න පහලට නැගිලා ඉද්දි කවුරු හරි මන් ලගට ඇවිත් හිටගන්නවා දැනුනත් මන් මගේ වැඩේට අවදානය දුන්නා..
"ස්ස්..මේහ්..."
"ඇ...යි.."
"ඔයා ලග මැප් එකක් තියේද..."
"න් නෑ....ඇයි..."
"ඔයාගේ ඇස් දැකලා මන් අතරමං වුනා.. ඒකයි.."
මට කතාකල නිසා ඔලුව උස්සලා බලද්දි මන් ලග හිටන් හිටි ගොඩක් කඩවසම් උස කොල්ලා දැකලා මට වචනත් ගොතගැහෙද්දි එහෙම කිව්ව කොල්ලා වීදුරු පිහින හිනාවක් දාලා මගේ කොන්ඩේ ඇවිස්සුවා..
"ඔයා ස්කූල් එකට අලුත් වගේ..."
"ඔව් හියුන්..."
"ම්..ක්ලාස් එක තීන තැන දන්නවද..."
"ඔෆිස් එකට ගිහින් අහගන්න ඕනී..."
"ඔෆිස් එක තීන තැන දන්නවද..."
"ඔව් හියුන්..අප්පා එක්ක මන් ස්කූල් එකට ආවා.."
"ම්..එහෙනම් යමුකො මන් එක්ක ඔෆිස් එකට ඔයාට ක්ලාස් එක හොයාගන්න බැරි වුනොත් ස්කූල් එකේ අතරමං වෙයි..."
ඉතින් මන් ඒ හියුන් එක්ක මට මතකේ තිබුන විදිහට ඔෆිස් එක හොයන් ගියා...
YOU ARE READING
I'm sorry
Fanfiction(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..."