ඒ විදියට ට්‍රිප් එකේ දවස් දෙක ඉවර වුනා...දැන් මේ කට්ටියම ආයෙම ගෙවල් වලට එන්න ලෑස්ති වෙනගමන්..
👲හැමෝම මෙහාට එන්න.....
අද ඔයාලා ආපහු ඔයාලගෙ ගෙවල් වලට යනවා ඉතින් මන් හිතනවා මෙහෙ හිටිය දවස් දෙකේ ඔයාලා සතුටු වෙන්න අලුත් දේවල් ඉගෙන ගන්න ඇති කියලා.. මේ අද්දැකීම ගොඩක් අයට අමතක නොවෙන එකක් වේවි...මොකද ආදර සබඳතා පටන් ගත්ත ඒ ආදරය බෙදාගත්ත දවස් දෙකක් නිසා....ආයෙම වතාවක් අපි එක්ක එකතු වෙයි කියලා මන් බලාපොරොත්තු වෙනවා... එහෙනම් හැමෝටම සුභ ගමන්....All student :- කම්සාමිදා සර්....
🧑🦰ඇත්තටම මට සතුටුයි පිරිමි ලමයි වෙලත් කිසිම වැරැද්දක් නොකර මේ දවස් දෙක හොදින් කාලය ගත කරාට... කොලේජ් එකේදි මරාගෙන සස්පේන් වෙන අය පවා සහයෝගයෙන් වැඩ කරපු එක ගැන මට හුගාක් සතුටුයි ඒ සහයෝගය දිගටම තියේවි කියලා හිතනවා..... දෙවෙනි වසරේ අය පලවෙනි වසරේ ලමයි එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව හිටිය එක ගැනත් මට හුගාක් සතුටුයි .... එහෙනම් ලමයි අපි යමු....
🐶මිස් එක බලාපොරොත්තුවක් අතඇරගන්න..අපි දිගටම සහයෝගයෙන් ඉන්නෙ නෑ... අපිට හිතුන ගමන් අපි මරාගන්නවා...
🐯ඒක ඇත්ත ඉදලා හිටලා මිස්ලට බේරෙන්න වලියක් දාගන්නවා කියලා පොරොන්දු වෙනවා.. නැත්තන් මිස්ලටත් කම්මැලි නේ..
🧑🦰මේ කොල්ලො නම්......
හා හා යමු දැන්....ඔන්න ඉතින් ආයෙම පල්ලන් බැහැගෙන බස් එකට ආවා..එද්දි වගේම යද්දිත් කට්ටිය සින්දු කිය කිය ආවත් ටික දුරක් එද්දි කට්ටියටම නින්ද ගියා....බස් එක නවත්තද්දි නම් හුගාක් අය නැගිටලා...
🐯කුකී නැගිටින්න අපි ආවා...
🐰ම්හු..හියුන්..අද කොලේජ් යන්න බෑ..
🐯කුකී නැගිටින්න...අපි බහින්න ඕනි...
🐱උබලා බහින්නේ නැද්ද අද....
අන්තිමට ඉතින් ටේහියුන් ජන්ග්කූක්ව වඩාගෙන බෑග් ඔක්කොමත් එල්ලගෙන බස් එකෙන් බැස්සා ...
🦕කට්ටිය ගෙවල් වලට යන්නෙ කොහොමද.. මාත් එක්ක තව දෙන්නෙක්ට එන්න පුළුවන් ....
YOU ARE READING
See You Again
FanficBts ff sinhala Funny &Sad #Taekook # Yunmin # Jakhope #Namjin happy ending smut warning 🔞