CHAPTER 30 ( Intermission)

296 27 31
                                    

"රන්දු නැගිටපන්, නැගිටලා මේක බීලා ඉදහන්,  වොෂ් එකක් දාගන ටිකක් කථා කරමු,  වරෙන්...."

දවසේ කීවෙනි වතාවටද මන්දා මට දේශ් ගේ කටහඩ ඇහුනා. මං ඒත් නැහුන ගානට හිටියා.... ඇස් වලින් ගලපු තවත් සීතල කදුලක් කම්මුල් දිගේ ගලනවා දැනෙද්දි මං දනිස්සක් නවලා කම්මුල ඒ දනිසේ අතුල්ල ගත්තා...

පෙනෙන නොපෙනන ගානට රෝස මල් පොකුරක් ප්‍රින්ට් කරපු ලා කහපාට කඩදාසිය පන්සිළු ගේ එදිනෙදා දවසේ කරන්න තියන දේවල් ලියන පොතේ පිටුවක් කියලා මං දැක්ක ගමන් අදුරනවා....

හතරට පහට නවලා මීට දවස් තුනකට කලින් මිරර් ටේබල් එක උඩින් තියලා තිබුන ඒ කොලේ දැන් නම් මගේ අතටම දියවෙලා ගිහින්....ඇස් දෙක ආයේ ආයේමත් කදුලු වලට බොද වෙනකොට මං වෙව්ලන අත් වලින්  ඒ පොඩි වුන කොලේ දිගෑරලා බැලුවා....

පන්සිළු ගේ සන්සුන් පාට බෝල අකුරු දිගේ මගේ ඇස් ආයේමත් සීරුවට එහා මෙහා ගියා..... ඔලුව කැරකෙනවා.... දවස් තුනක්!! දවස් තුනක් මං තාමත් එදා පන්සිළු ට එක්සෑම් ඉවර වුන දවසේ ඇදපු ඇදුම පිටින්.... එදා ඉදලම කෑමක් ඇගට වැටුනේ නෑ... නින්දක් නෑ... දේශුයි රංගයි බැන බැන බලෙන් කටට දාන වතුර ටිකක් ඇරුන කොට කිසිම දෙයක් මගෙ උගුරෙන් පහලට ගියේ නෑ.....

නිදිමතටද, කෑම නොකාපු නිසාද තේරුම් ගන්න බැරි හේතුවකට ඇස් බොදවෙලා හතර වටම කැරකෙද්දි මං පන්සිළු අන්තිමට මං වෙනුවෙන් තියලා ගිය කඩදාසි කෑල්ල අතට තද කරලා ගුලි කරගත්තා.....

_____

මට ඇහැරුනේ හදිසියේමයි.... ඇස් ඇරපු ගමන් ඉන්නේ කොහේද කියලා process කරගන්න ටික වෙලාවක් ගියත්, නහයට දැනුන බෙහෙත් සැර වගේම අතේ තිබුනු කැනියුලා එක මේක හොස්පිට්ල් එකක් කියලා ඉගි කලා....

එහා පැත්තේ තිබුන එක්ස්ට්රා බෙඩ් එකේ දේශ්ව පපුවට තුරුළු කරගෙන රංගයා නිදි.... එකින් එක සිද්ධ වුන දේවල් ඔක්කොම ඔලුවට එනකොට මටත් නොදැනීම මගේ කටින් බර හුස්මක් ගිලිහුනා....

වෙලාව පාන්දර දෙකයි කාලයි.... මගේ කොල්ලා යන්න ගිහින්.... මං ඒ තිත්ත ඇත්ත ආයේ ආයේමත් මතක් කලා...මට ඕන වුනා ඇත්තට මූන දෙන්න....මගේ හදවත ඒ ඇත්ත පිලිගන්න ලෑස්ති නැතත්, මට ඕන ඒ ඇත්තට මූන දෙන්න...

🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏)Where stories live. Discover now