වෙලාව උදේ 10 ට විතර වෙද්දි දවස් පහක වැකේෂන් එක ඉවර කරලා ෆස්ට් ඉයර් ළමයි හොස්ටල් වලට එන ගමන්..
අද සරසවි උයන හරි කාර්යබහුලයි..සාරා රියා සුරනි මේ වෙද්දිත් හොස්ටල් වලට ඇවිත් තිබ්බත් කියා එද්දි නම් හවස් වෙනවා කියලා මැසේජ් එකකින් කියලා තිබ්බා..
ඉතිම් සාරා ගෙදරින් එද්දි බූන්දි , මුරුක්කු , පැනිවළලු අරන් ඇවිත් තියෙද්දි සුරනිත් රියත් කල්තියාගන්න පුළුවන් එක එක විදියේ කෑම අරන් ඇවිත් තිබ්බා..
යෂ් ගැන කියනවනම් යෂ් එද්දීයාගේ අම්මා හදලා දීපූ කෑම වගයක් උස්සන් ඇවිත් තියෙද්දි රිද්මගේ කියලත් වෙනසක් තිබ්බේ නෑ..
ඔය අතරේ යෂ් හොස්ටල් එකට ආව ගමන් ක්‍රිෂ් එයාව හොයන් හොස්ටල් එකට ආවේ හරි කලබලෙන්..තරහ නිසානේ ඉතිම් මේ ඔක්කොම..
යෂුත් අම්මා හදලා දුන්න කිරිටොෆි වලින් ක්‍රිෂ් ට කියලා ගෙනාපු බොක්ස් එකත් අරන් පහළට දුවන් ආවා..තරහ නිසානේ ඉතිම් මේ ඔක්කොම..ඉතිම් සුපුරුදු ගහ අස්සට රිංග ගත්ත ජෝඩුව සතියක් තිස්සේ එකතු කරගත්තු ඕපදූප මල්ල ලෙහන්න ගත්තා..
තමුසේ තවත් ලස්සන වෙලාද මංදා බබා..
අනේ යන්න අනේ යන්න බොරු නොකියා , ම්හුක්..
මං බොරු කියලා තමුසෙගෙන් මොනා ගන්නද බබා..
ආ ඒමද , ඒනම් ගෙනාපු දේ දෙන්නෑහ්හ්හ්..
කො.. කෝ මොනාද දෙනවා ඉතිම් බබා මට ගෙනාවේ..
නෑ ඕන්නෑහ් දෙන්නෑ .. තමුසෙට නෙමෙයි ගෙනවේ.. යනවා ඕන්නෑහ් මට..