අම්මා.. අම්මා ඔයා උඩද..
ඔව් පුතා එන්න ..
රියා , ක්‍රිෂ් , ඉරෝන් තුන්දෙනාම ලී වලින් කැටයම් කරපු ලස්සන තරප්පු පෙළකින් උඩට නැග්ගේ ක්‍රිෂ් ගේ ගෙදර උඩු මහළට..
එතනට යද්දිත් බැල්කනියෙන් එළිය බලා ගෙන මැදි වයසේ ලස්සන කාන්තාවක් එළිය බලාගෙන ඉන්නවා..
ඒත් රියා බලාපොරොත්තු නොවුණ විදියට ..
රෝදපුටුවක..ඔව් රෝද පුටුවක..
අම්මා අපි ආවා..
ඒ කියද්දි රෝද පුටුවේ හිටපු මැදි වයස කාන්තාව රෝද පුටුව හරව ගත්තේ ලස්සන හිනාවකුත් එක්ක..
ඒත් එක මොහොතයි , රියාගේ ඇස් ගැස්සුනා.. ඒ වගේම එයාගේ කකුල් වේගවත් වුනා එයා හිටියේ මැදි වයසේ කාන්තාවගේ රෝද පුටුව ඉදිරියේ දන ගහගෙන ඒ කෙනාගේ අත් දෙකම තදින් අල්ලගෙන..
මේ වුන දේ කුකුසක් වුනත් ක්‍රිෂ් ආයේ කතා කරා..
අම්මේ මේ රියා , මං කිව්ව ගෑණු ළමයා..
රියා මේ මගේ අම්..
ආන්ටී ජැනට් ..
මො.. ඔයා අපේ අම්මව දන්නවද රියා..
අපි හොදට අදුරනවා නේද දෝණි ...
ඒ එක්කම රියාගේ ඔළුව අතගාපූ ක්‍රිෂ් ගේ අම්මා රියාගේ මුහුණ පුරාම ඇස් යැව්වා..
ඒ ඇස්මයි...
ආ.. ආන්ටී ..
හරි අපි මොනා හරි බොන ගමන් කතා කරමූ.. පුතා ගිහින් බොන්න මොනා හරි හදන් එනවා.. මගේ කෙල්ලටයි කොල්ලටයි මහන්සි ඇති..
අම්මා.. ඔයා..
නන්දනී පහළ ඉන්නවා , ගිහින් මොනා හරි බොන්න අරන් එන්න..