ඉතිම් අද පාන්දර දෙක විතර වෙනකම් සීනියස්ලා එක්ක අද තියෙන වෙල්කම් බැජ් පාටියට ඕන දේවල් කරපු ජූනියස් සෙට් එක ලැබුණු උපදෙස් අනුව උදේ අට වෙද්දි තෙල් බැම්ම ඉස්සරහට එකතු වුනා..ගෑනූ ලමයි ලස්සන ලස්සන පාට පාට සාරි , හයිහීල්ස් , මේකප් හෙයාස්ටයිල්..
පිරිමි ලමයි ලස්සනට සුදු ෂර්ට් කලිසම් , ටයි , කෝට් සපත්තු අත් වල සිල්වර් වොච් ම්ම් හෙයා කට් එක.. ඒක ගැන කතා නොකර ඉමු.. මොකද ඒ හෙයා කට් එක නිසා දැන් මෙයාලා දිහා කෙල්ලෙක්වත් බලන්නෙ නැති පාටයි..
මොකද ඉතිම් බලන්න කොණ්ඩ ගහක් ඔළුවේ තියෙන්න එපැයි..මේක තමා කැම්පස් එකේ සම්මතේ.. ෆස්ට් ඉයර් කොල්ලෙක්ගේ රැග් සීසන් එක ඉවර වෙද්දි කොණ්ඩේ නෝට් එකටම කපනවා .. හේතුවක් ඇතිව..මොකද කොණ්ඩේ වැවෙන්න ටික කාලයක් යනවානේ.. එතකොට දැන් කොණ්ඩේ කපලා ඉන්න ෆර්ස්ට් ඉයර් කොල්ලොන්ව ඕන කෙනෙක්ට අදුර ගන්න ලේසියි.. ඒකට ලොකුම හේතුව ෆර්ස්ට් ඉයර් ළමයෙක් අතින් කැම්පස් එකේ තියෙන නිතියක් කැඩුනොත් එයාලව අදුරගන්න ලේසි වෙන්න.. ෆර්ස්ට් ඉයර් ළමයෙක්ට එයාලා අලුත් නිසා අනිවාර්යයෙන් සමාව දෙනවා.. ඒත් ඉතිම් එක පාරයි..
යුනිවර්සිටි ලයිෆ් එක කියන්නෙම හරි ලස්සන ලෝකයක්..