සුදුමහත්තයා ..
ම්ම්..
ඔයා මට කොච්චර ආදරෙයි ද ..
ම්ම් , ගොඩාක් ..
මාත් ගොඩාක් ආදරෙයි .. ඔයා මගේ පනනේ..
ම්ම්..
කොළඹ ගමනින් පස්සේ දවස් කිහිපයක් ගෙවිලා යද්දි රියා මේ ඉන්නේ යෂ් එක්ක කැම්පස් එකේ හිච් ගහ අස්සේ යෂ්ගේ ඇගට හේත්තූ වෙලා පපුවට ඔළුව තියාගෙන..
මොකෝ අනේ ම්ම් ම්ම් ගාන්නේ , කතා කරනවාකෝ..
මොනාද දැන් මං මගේ මැණිකට කියන්න ඕන ආ..
යෂ් ඒම කිව්වේ රියාගේ හිස මුදුනින් හාදුවක් තියලා තමන් ලගට තවත් ලං කර ගන්න ගමන්..
ඔයාට මාව කවදා හරි එපා වෙයිද යෂ්..
මොනාද මේ කියන්නේ මැණික , මං ඔයාට ආදරෙයි නේ ඉතිම්..
මාත් ගොඩාක් ආදරෙයි ..
ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද රියා , මොනාද මේ අහන විකාර.. හා.. මට එපා වුනා කියමුකෝ එතකොට මොකද කරන්නේ ම්ම්..
ම්ම්.. ඒම වුනොත්.. ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ට කවදාවත් වෛර කරන්න බෑ.. ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් ඒ කෙනාව දාලා යන්න බෑ.. ඒ නිසා ඒ කෙනාට ආදරේ කරන කෙනාව එපා වෙන්නෙත් නෑ..ඉතිම් මං දන්නවා ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා.. ඉතිම් ඔයා කවදාවත් මාව රවට්ටන්නෑ මගේ පන.. ඒ නිසා ඔය දේවල් අපිට වැඩක් නෑ..