" යෂ් , ක්‍රිෂ් අයියේ ඔයා , මොකද මෙතන වෙන්නේ.. "ඉතිම් එච්චරයි ඇහෙන්න ඕන වුනේ යෂ් ක්‍රිෂ් ව අහකට තල්ලු කරන්න.. දැන් ඉතිම් යෂ්ට කරකියාගන්න දෙයක් නෑ.. ක්‍රිෂ් නම් කිසි ගානක් නැතුව කලිසම් සාක්කුවට අත් දෙක දාන් බිත්තියට හේත්තු වෙලා කලිසම් සාක්කුවෙන් ගත්ත සිකරට් එකක් පත්තු කර ගත්තා..
දැන් යෂ් වචන අහුලනවා..රි.. රි.. රිද්ම... උඹ..
රි රි රිද්ම තමා.. ඉක්මනින් වරෙන් යකෝ අන්න රියා උඹව හොයන් මේ පැත්තට එනවා.. උඹ මෙතන අයියත් එක්ක හැ#නෙනවා..
මො.. මොකක් රියා..
ඔව් ඔව් , මේ බෑග් එක ගනින්.. ඔය මං රෑට කන්න ගත්ත ඒවා.. ඕකත් අරන් උඹ මාත් එක්ක යමන් .. ඉක්මනින් වරෙන් බන්..
ඒ..ඒත් මේ..
ඒත් මේත් නෙමෙයි හු#තෝ අර කෙල්ල එන්න කලින් වරෙන්.. අපි යන්නම් අයියේ.. මෙහේ වරන් බේසිකයා..
යෂ්වත් ඇදන් රිද්ම එතනින් මාරු වෙනවත් එක්කම එහා පැත්තෙන් රියා ඉරෝන් එක්ක මතුවුනා.. ඉතිම් රියා එද්දි යෂ් අනිත් පැත්තෙන් මාරු වෙලා..
ආ ක්‍රිෂ් අයියේ මේ.. ඇහැලව දැක්කද..
ඉතිම් දැන් ක්‍රිෂ් සිගරට් එක බිබී රංගනේක..එයා යෂ්ව දන්නැති ගානයි..
කවුද..
අර මාත් එක්ක ඩාන්ස්..
ආ ඒ පොඩි එකා මං දැක්කා උගේ යාළුවා එක්ක කෑම වගයක් උස්සන් යනවා..
ආශ් අපි එද්දි මගෑරෙන්න ඇති.. අපි යන්නම්..
ඉතිම් රියා අදත් රැවටුනා.. කියා සාරාත් හති දාගෙන පිටිපස්සෙන් දුවන් ඇවිත්..
දැන් හති අරින යාළුවෝ දෙන්නා එක්ක ආපහු හොස්ටල් පැත්තට යන කොරිඩෝවට ගොඩ වුනේ රිද්ම කෝල් එකක් ගත්ත නිසා.. ඉරෝන්ට ක්‍රිෂ් ට සමුදුන්න රියා හොස්ටල් පැත්තට ඇවිදන් ගියා..
මේ දිහා බලන් හිටපු ක්‍රිෂ් සිගරට් දුමක් පිටකරේ කිසි හැගීමක් නැතුව..මොකක්ද බන් මේකේ තේරුම , ඒ කෙල්ල පව් උඹගේ ඔය මගුළ නිසා කවදා හරි ඒ කෙල්ල දුක් විදින්නේ..