ආදරය කියන්නේ මොකක්ද ?!
කවුරුහරි මගෙන් ඇහුවොත් මට කියන්න වෙන්නේ ' ඇත්තටම මම දන්නේ නැහැ ' කියලා..
මිනිස්සු කියනවා හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියෙනවා කියලා.. ඒත් අපි කාගෙන්හරි ඇහුවොත් ආදරේ කියන්නේ මොකක්ද කියලා හැමෝම දෙන උත්තර එකිනෙකට හාත් පසින් වෙනස්..
සමහරු ආදරේ කියන්නේ පූජනීය දෙයක් කියනවා.. තවත් සමහරු මේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම කියනවා.. තවත් සමහරු ආදරේ කියන්නේ මිනිස්සුන්ව පිස්සු වට්ටන දෙයක් කියනවා..
ඔය වගේ එක එක උත්තර එක එක අය ආදරේ වෙනුවෙන් දෙනවා.. එතකොට මගේ උත්තරය ?!
ඔව්.. මගේ උත්තරය ' මම දන්නේ නැහැ ' කියන එක..
සමහරුන්ට හිතේවී එහෙම කියන්නේ මම ආදරේ කරලා නැතුවද කියලා.. නැහැ ! මම ආදරේ කරා.. ආදරේ කරනවා.. ඉදිරියටත් අනිවාරෙන්ම ආදරේ කරාවි..
ඒ කොහොම කරත් ආදරේට නිර්වචනයක් දෙන්න මට හරිම අමාරුයි.. හදවතට දැනෙන මේ කෝටි ගානක හැඟීම් මට වචන කරන්න අමාරුයි.. මම දන්නවා මට දැනෙන දේ වචන කරොත් එතන හිඩැසක් ඉතුරු වෙනවා කියලා.. ඉතින් ඒ නිසා මට ඕනි නෑ මගේ ආදරේ හිඩැස් තියෙන වචන ගොඩක් කරන්න..
ඉතින් මෙච්චර ආදරේ ගැන පම්පෝරි ගහන මම කවුද කියලා ඔයාලට හිතෙන්න ඇති නේද.. මම ඔයාලට මන් ගැන ටිකක් කියන්නම්..
මම රිනුත් තිශ්නක ආලෝක්ය මුතුතන්ත්රි.. එතකොට ආදරේ ගැන පොර ටෝක් දීපු මට වයස අවුරුදු 18යි.. Muthuthanthri Holdings වල අයිතිකාරයාගේ එකම පුතා මම..
මගේ පෙනුම ගැන කිව්වොත් මම උස අඩි 6ක සුදු කොල්ලෙක්.. මට රැලි කොන්ඩයක් තියෙනවා.. ස්පෝට්ස් කරන එකට පින් සිද්ද වෙන්න මට මගේ උසට ගැලපෙන ලස්සන ෆිට් ඇගක් තියෙනවා..
එත්කොට මගේ පවුලේ විස්තර කිව්වොත් මම තමා ගෙදර ' එකා යකා '.. තාත්තා මුතුතන්ත්රි හෝල්ඩින්ග්ස් වල අයිතිකාරයා වෙද්දි මගේ අම්මා ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.. මගේ අම්මා තමා මේ ලෝකේ ඉන්න කරුණාවන්තම අම්මා.. ඒත් තාත්තා.. අපි ඒ ගැන කතා නොකර ඉමු..
පවුල එක්ක මට මහ ලොකු බැදීම් නෑ.. මොකද දෙන්නම බිසී නිසා.. ඉතින් මගේ පවුල වුනේ පොඩි කාලේ ඉදන්ම මගේ යාලුවෝ හතර දෙනා.. සවීන් , බ්රියෝන් , යසිරු , සහෙල් කියන්නේ මගේ හොදම යාලුවෝ හතර දෙනා එක වසරෙ ඉදන්ම.. අපි පස් දෙනාගෙම විශේෂත්වේ තමා අපි තමා පවුල් වල එකම ලමයි.. මම වගේම මගේ යාලුවොන්ටත් සහෝදර සහෝදරියෝ නෑ.. ඉතින් අපිට සහෝදරයෝ වුනේ අපිමයි..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !