" මල්ලිව මොන පන්තියටද වැටුනේ "
" 12 ART A එකට අයියේ "
" ඔයා මොනවද කරන සබ්ජෙක්ට්ස් "
" ඩාන්සින්ග් මීඩියා සිංහල "
" ඔයා ඩාන්සින්ග් වලින්ද ඉස්සරහට යන්න ආස "
" ම්ම් "
" මම මල්ලි එක්ක කතා කරන එක වදයක්ද "
" ම්ම්.. ටිකක්.. "
" ඕහ්.. සොරි එහෙනම්.. මම 12 commerce B එකේ ඉන්නේ.. ඔයාට මොනාහරි නම් මාව හම්බෙන්න එන්න.. මන් නැත්නම් මගේ යාලුවෙක්වහරි හම්බවෙන්න.. මන් - "
" පැහැසර.. "
මල්ලිලාව ක්ලාස් වලට බෙදලා පේරන්ට්ස් මිටිනුත් ඉවර වුනාම අන්කල් මට මල්ලිව බලාගන්න කියලා ගියා.. අපේ උන් ටිකත් උගන්නන නිසා ආපහු පන්ති වලට ගියා වෙද්දි මම තනියම එලියට වෙලා හිටියේ පොඩි එකා තනි වෙන නිසා..
ඒත් එයා මම ලග හිටියා කියලා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ.. ආට් එක පැත්තට ඇවිදන් යන ගමන් මන් බලෙන් කතා කරේ අඩුම එයාගේ පන්තියවත් දැනගන්න.. ඒත් එයා මම අහපු දේට විතරක් කෙටි උත්තර දුන්නේ තවත් මගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා කියාගන්න බැරි කමට.. මාත් කතාව නවත්තලා එයාව ආට් එකෙන් දාලා යන්න හදද්දිම ගෑනු ලමයෙක් එයාට කතා කරනවා ඇහිලා අපි දෙන්නම හැරිලා බැලුවා..
" පාරි !? "
" මෝඩයා මම මේන් හෝල් එකේ ඉදන්ම කතා කරන්න ට්‍රයි කරා.. කොහෙ කතා කරන්නද බැලුවේ වත් නෑනේ ඔලුව උස්සලා "
" ඔයා මෙහෙ? "
" මාත් අද ඉදන් මේකේ තමා.. අප්පච්චි මාව අරකෙන් අස් කරා අනේ.. "
" අනේ මෝඩ කෙල්ල මම කිව්වා උබට කලින්ම.. දැන් මොනා කරන්නද ඉතින්.. ඒක නෙවෙයි මොන ක්ලාස් එකේද ? මොනාද උබ කරන්නේ "
" 12 ART A එකේ මන්.. මීඩියා සිංහල ඩාන්සින්ග් කරන්නේ "
" පාරී.. මාත් "
" අඩෝ මගේ වස්තුව.. "
මල්ලි ඒ අපි ලගට ආපු කෙල්ල එක්ක හරි හරියට හිනා වෙවී කතා කරා.. දෙන්නා එකම පන්තියේ එකම විශයන් කරන්නේ කියලා දැනගත්තා විතරයි ඉන්න තැනත් අමතක වෙලා බදාගත්තා..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !