21 🌸

2.1K 213 332
                                    

" තිශූ.. "

" ම්ම්.. "

" නිදිද.."

" ම්හු.. "

" මොකද මේ හුරතල් වෙන්නේ.. "

" ඔයා ලඟ සනීපයි මැනික.. "

" කෝලම.. "

මම හිටියේ ජානුගේ තුරුලේ.. වෙහෙසකර දවස් ගානකට ජානුගේ උණුහුම ලඟ මට පුදූම නිදහසක් දැනුනා..

හීනි ඇඟිලි තුඩු කෙස් අතර දඟ කරද්දි මම තව තව ඒ උණුහුමට ගුලි වුනා.. සැරෙන් සැරේට නලලට දැනෙන උණුසුම හාදු එක්ක එයා අම්මා කෙනෙක් වගේ මාව එයාට තුරුල් කරගත්තා..

මියෑව්~

" ඔයාටත් ඕනිද තුරුල් වෙන්න.. "

" එන්න ඩේසි ඔයත්.. අපි ටිකක් දොයියමු.. "

අන්තිමේදී ඩේසියත් ඇවිත් ජානුගේ බඩ උඩ රවුමට ගුලි වුනා..

ඩේසි දැන් ලොකු වෙලා.. සුදු බෝලගෙඩියක් වගේ.. ඇස් දෙකත් අමුතුම අළු නිලක් තියෙන නිසාද මන්දා කෙල්ල හෙනම ලස්සනයි..

" තිශූ දැන් එතකොට සහෙල්ගේ තාත්තගේ මර්ඩර් කේස් එකට මොකද වුනේ.. "

" ඒකට සාක්ෂි ගන්න විදිහක් නෑ ජානු.. සහෙල්ගේ අම්මා හොද සිහියෙන් නෙවෙයි ඉන්නේ.. "

" දැන් එයා කොහෙද? "

" අන්ගොඩ.. "

" සහෙල් අයියට කියනවද? "

" බෑ.. දැන්ම බෑ.. එයා දෙයියනේ කියලා එයාගේ ගමන පටන් ගත්තා විතරයි.. "

" එතකොට අර මිනිහා අරහෙම නිදහසේ ඉන්න එක හරිද? තව ලමයෙක් හරි ඕකා නිසා විනාස වේවි.. "

" එහෙම වෙන්නේ නෑ.. එයාගේ ඩ්‍රග් ඩීල්ස් ගැන අපි නිර්නාමිකව ඔත්තු දෙනවා පොලීසියට.. දැන් මිනිහා එරිලා ඉන්නේ හොඳටම.. මිනිහා වටේ හිටපු එකෙක්වත් දැන් මිනිහට නෑ.. "

" ඒත් තිශූ ඒකෙන් කියන්න බෑනේ එයා ඒ දේවල් නැවැත්තුවා කියලා.. "

" මම තව දේවල් දන්නවා මැණික.. ඒත් ඒ දේවල් ඔයා දැන ගන්න ඕනි නෑ.. මම ඔයාට කිව්වනේ ඔයා මගේ පුංචි ඩේසි මල, ඉතින් ඔයාට ලස්සනට පිපිලා ඉන්න මම ලස්සන වට පිටාවක් හදලා තියනවා.. ඒක වෙනුවෙන් මට ඕනිම දෙයක් කරන්න පුලුවන් ජානු.. ඕනිම දෙයක් කියන්නේ ඕනිම දෙයක්.. "

Daisy ( ONGOING )Where stories live. Discover now