හායි මගේ මල් ටික,
23 වෙනි චැප්ටර් එකේදිම මේක කියන්න හදලාත් වෙනම ඕතර් නෝට් එකක් දාන්න හිතුවා හැමෝගෙම ලේසියට..
ඉතින් දන්නවනේ මගේ විභාගේ තව මාසෙකින්.. 🤧 ඉතින් දැන් ඔන්ගොයින්ග් කතා දෙකේ අප්ඩේට් දෙන්න මට අමාරුයි.. 💔
ඉතින් අද ඉදන් ආපහු එක්සෑම් ඉවර වෙනකන් ඔයාලට මගෙන් අප්ඩේට්ස් ලැබෙන්නේ නෑ.. විදෙව්, ඩේසි කතා දෙකටම.. හැබැයි දෙසැම්බර් වල ආපහු මං එනවා අප්ඩේට් අරන් 😌❤
විදෙව් වල අපි ඉන්නේ අන්තිම කොටස් කීපයේ නිසා මට ඒක නිදහසේ හිත සතුටු වෙන විදිහට ඉවර කරන්න ඕනි.. ඒ නිසා කලබලෙන් ලියන්න බෑ 🥺
ඩේසි ගත්තොත් ඩේසි තියෙන්නේ කතාවේ පීක් එකේ.. 23 වෙනි චැප්ටර් එක කියවපු කෙනෙක්නම් දන්නවානේ ඉස්සරහට තියෙන්නේ කතාවේ තීරණාත්මකම චැප්ටර්ස් ටික.. ඉතින් ඒවා කලබලෙන් ලියන්න බෑ 🥺
ඒ නිසා විභාගේ ඉවර වෙලා මම නිදහසේ ඒ ටික දෙන්නම් 🥺❤ 2025ට කලින් විදෙව් ඉවර කරන්න තමා මගේ අදහස.. ඩේසිනම් තව කල් තියෙනවා 😂
ඉතින් විදෙව් ඩේසි නැති පාලුවට මම ඔයාලට ශෝට් ස්ටෝරි එකක් දෙනවා.. හුළු අත්ත කියන්නේ ඒක.. ඒක මම ඩ්‍රාෆ්ට් එකේ ලියලා තියෙන්නේ.. තව පොඩ්ඩක් ලියන්න තියෙනවා.. ඉතින් මේ දවස් වල ඒක ලියලා ඉවර කරන් එක්සෑම් දවස් වල ඇවිත් දීලා යන්නම් හරිද.. කැමති අය ඒකට එකතු වෙන්න මම එනකන් 🤭
ඉතින් එහෙනම් මම එනකන් මගේ මල් ටික පරිස්සමෙන් ඉන්න.. මාව අමතක කරන්න එපා හොදේ 😭 මම එනකන් වත්තේ ඉන්න ඩේසි මල් ටික ලස්සනට පිපිලා අනිත් අය එක්ක සතුටින් ඉන්න ❤ මම ඔයාලට ආදරෙයි..
මම ඉක්මනට එන්නම්
බායියූ ~සූආහ් 🌸
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !