පාන්දර 1යි වෙලාව!!!
ජීවිතේ පලවෙනි පාරට බිව්වා වගේ නෙවෙයි බිව්වට පස්සේ වෙරි බැහැලා සිද්ද වෙච්ච දේවල් ගැන මතක් වෙද්දි..
අන්කල් ජානුව එක්කන් යන්න ආවට පස්සේ අපිත් බොන එක නැවැත්තුවා.. මෙහෙමයි මට් චූට්ටක් අනිත් අයට වඩා වැඩි වුනා තමා හැබැයි කොල්ලා කෙලින් හිටියා..! මට මතකයි මම ජානූට ආදරෙයි කිව්වා.. තව මතකයි ජානූ මට අවුරුදු හතරක් තිස්සේ ඉදන් ආදරේ කරා කිව්වා.. මම අහ්න්නේ ඒක වෙන්න පුලුවන් දෙයක්ද!? මම හිතන්නේ මට වෙරි මරගාතේ වෙන මොනාහරි ඇහිලා..
කෝමහරි මම ජානූගේ ආදර පාපොච්ඡාරනය පිලිගත්තේ නැති තැන මේකා මගේ කට කෑවා!!! ආර්හ්හ්හ්හ්!!
මෙහෙමයි මම මෙහෙම කිව්වට ඒක මහ අමුතුම හැඟීමක්.. නහරයක් නහරයක් ගානේ ගලන ලේ වලින් හදවතට විදුලිය පොම්ප කරනවා වගේ අමුතුම හිරියක් එක්ක හාට් එක පිස්සු නටන හැඟීමක් ඒක.. සිනිදුම සිනිදු මල් පෙති වගේ තොල් මගේ තොල් වල තවරලා ජානූ මාව කිස් කරා.. බෙල්ල දිගේ ඒ අත් මගේ කෙස් අහුරක් තදට අල්ලගනිද්දි මම ඒ සිනිදු තොල් පෙති ටිකක් නරක විදිහට හැපුවා වගෙත් මතකයි.. කොහොමවුනත් මම බීලා හිටපුවටත් වඩා මත් වෙච්ච හැඟීමකින් මම එයා දිහා බලද්දි ඒ ඇස් කවමදාවත් නැති විදිහට අඩවන් වෙලා හරිම ගැඹුරු වල් බැල්මකින් මන් දිහා බැලුවා..
" තිශූ ඔයා මගේ!! "
මට මතක එච්චරයි.. ඒ බැල්මෙන් මන් දිහා බලන් එයා කියපු වචන ගොඩ අස්සෙන් මට මතක එච්චරයි.. කොහොමහරි ඒ අමුතුම හිරි වට්ටන හැඟීමෙන් මායි එයයි එලියට ආවේ එයාගේ තාත්තා එයාව එක්කන් යන්න ආවා කියලා ආපු කෝල් එක නිසා..
එතනින් පස්සේ වුනේ මගේ නම්බුව මාව දාලා ගියපු එක! මොකද මට මතකයි සතුට වැඩිකමට මම මාමණ්ඩියව බදාගෙන උම්මා එකක් දුන්නා.. ජානූ මට ආදරෙයි කිව්වා කියලා මම එයාව බදාගෙන පැය ගානක් ඇඩුවා..
ඇත්තමයි මමනම් ආපහු මලාට බොන්නේ නෑ.. බොන්නේ නෑ කිව්වොත් නෑමයි.. !!
හැබැයි මෙහෙමයි බිව්වේ නැත්නම් කියටවත් මම මගේ හැඟීම් ජානුට කියන්නේ නෑනේ!? එහෙනම් එයත් ඒ හිත අස්සේ තියෙන ඒවා හන්ගන් ඉදීවී නේහ් දිගටම.. අපරාදේ කලින්ම බීලා කලින්ම කියන්න තිබ්බේ එහෙනම් අද අපිට ඇනිවසරි එකවත් සෙලිබ්රේට් කරන්න තිබ්බා.. සැක්!
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !