" රිනූ!!!!! රිනූ !!!!!! "
" මොකද ඕයි කෑගහන්නේ.. ප්‍රිෆෙක්ට් බැජ් එක ගහපු ගමන් ගලවගන්නද ඕනි "
ඊයේ 12 වසරේ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එකට බැජ් දුන්නා.. අපේ ඉස්කෝලේ 11 වසරෙදි ජූනියර් ප්‍රිෆෙක්ට්ස් දෙනවා.. 12 වසරේ සීනියර් ප්‍රිෆෙක්ට්ස් දෙනවා.. එතකොට ආෆ්ටර් ඒලෙවල්ස් අයට තමා ටොප් බෝඩ් දෙන්නේ.. ඒකෙත් ටොප් බෝඩ් වෙන්න නම් 12 වසරේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ඉන්න ඕනි වගේම ඉස්කෝලේ ඇතුලේ සුපිරි පොරක් වෙන්න ඕනි.. කොල්ලොන්ට විතරක් නෙවෙයි කෙල්ලොන්ටත් මේක අදාලයි..
ඉතින් අපේ පුංචි පවුලම ප්‍රිෆෙක්ට්ස්ල.. එහෙම වෙන්න එපැයිනේ අපි පස් දෙනා ඉස්කෝලේ වෙනුවෙන් නොකරන දෙයක් නෑනේ.. දැන් ඔහොම ගැම්මෙන් ගහපු බැජ් එකත් ගලවන්න වෙන වැඩක් තමා මේ සහෙලා ඇවිත් කරන්නේ..
" අඩෝ උබ මම මේ කියන දේ ඇහුවනම් බැජ් අමතක කරන් මාව කරේ තියන් දුවන්නේ.. "
" කියපන්කෝ ඉතින්.. "
" අඩෝ හෙට අලුත් 12 පටන් ගන්නවා.. "
" ඉතින් "
" ඉතින් හුත්තෝ තමුසෙගේ ඩේසි මල හෙට ඉස්කෝලේ එනවනේ.. "
" ඒ එයා ආවොත්නේ බන්.. මගේ පොඩි එකා ආපහු මේ වගේ තැනකට එවන්නේ නෑ එයාලගේ තාත්තා.. "
" අපෝ ඔහොම ඉන්න එපා පගෝ.. බලාපොරොත්තු නැති කරගන්න එපා.. එයා ඒවි අනිවාරෙන්.. "
" බලාපොරොත්තු තියාගෙන ඉදලා නැති වුනාම ඒක ලොකු දුකක් බන්.. බලාපොරොත්තු නැති ජීවිතේ ලේසි හැමදේටම.. "
" අනේ බන් උබ ඔහොම ඉන්න එපා ඕයි.. "
" උබ ඕවා හිතන්න එපා.. මේහ් මම උබව අල්ලගන්න හිටියේ.. දැන් මට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා හරිද "
" මම මොකටද සුදු තාත්තී ඔයාට කොලේ වහන්නේ.. අහන්න අනේ ඕනි එකක්.. "
" උබ යසිරුට කැමතිද "
" රිනූ !!! "
" ආහ් පුදුම වුන විදිහෙන්ම තේරුනා උත්තරේ.. "
" රිනූහ් අනේ අහන්නකෝ එයාට කියන්න එපා හරිද.. මම ඉන්න විදිහට ඒක එලියට පේනවද ? මම ඕනිවට වඩා වැඩියිද එයා එක්ක ඉන්නවා.. රිනූහ් මම මොකක්ද කරන්න ඕනි එයාට දැනුනොත් ඉවරයි.. "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !