" Good morning ! "
" ආහ් good morning යසී.. කිරි එක බොන්න නිවෙන්න කලින්.. "
" හ්ම්ම්.. කීයටද ඔයා නැගිට්ටේ ? "
" ම්ම්ම් මන් හිතන්නේ 4ට වගේ.. "
" ඇයි එච්චර කලින් ? "
" නිකන්.. ඇහැරුනා.. "
යසිරු 5ට නැගිටලා කුස්සියට එද්දිත් සහෙල් නැගිටලා දෙන්නට ඉස්කෝලේ ගෙනියන්න කෑම උයනවා.. ක්ලචර්ස් ලගින් තියාගෙන තනි කකුලට බර දීගෙනම එයා වැඩ..
නින්ද නැති කදුලු වලින් ගෙවුන රෑ ගැන නොහිතා ඉන්න සහෙල් ගොඩක් වෙහෙසුනා.. අඩලා අඩලා හෙම්බත් වෙච්ච තැන ඒ හිත යසිරුව එයාගෙන් නිදහස් කරන්න තීරණේ කරලා තිබ්බා..
" සහෙල්.. අද කලා උලලේ ප්‍රැක්ටිස් තියේවි හවසට.. ඔයා ඉන්නවද !? "
" මම ඉදලා වැඩක් නෑනේ.. කකුලත් එල්ලන් ඉන්නවට වඩා ගෙදර එන එක ලේසි මට.. "
යසිරු නොදන්නවා නෙවෙයි සහෙල් ඉන්නේ වේදනාවෙන් කියලා ඒත් ඒ හිතත් හැමදේම හොදින් කියලා මවාපාන්න ලොකු උත්සහයක් ගත්තා..
" හ්ම්ම්.. සහෙල් උබේ කකුල රිදේවි වාඩි වෙන්න මන් ඉතුරු ටික කරන්නම්.. "
යසිරු සහෙල්ව කෑම මේසේ පුටුවක් අරන් වාඩි කෙරෙව්වා.. සහෙල් කපලා තිබ්බ කැරට් ලීක්ස් ටික දාලා යසිරු රයිස් එක හදන්න ගත්තා..
" යසී තේක බීලා ඉන්නකෝ.. නිවෙයි ඒක.. "
සහෙල්ගේ ඇස් පහුගිය දවස් දෙකට අඩලම ඉදිමිලා...ඒ මදිවට රතු වෙලා.. නින්දක් නැතුවම ඒ ඇස් යට කලු ගැහිලා...ඒත් ඒ අස්සෙනුත් සහෙල් හිනා වෙලා යසිරු එක්ක ඉන්නවා..
" තේක රහයි.. "
" එහෙනම් කමක් නෑ.. එහෙනම් ඔයා ඕක ඉවර කරන්න.. මම අපි දෙන්නගේ ඇදුම් මැදලා එන්නම්.. "
" මම කරන්නම්.. "
" එපා ඔයා ඕක කරන්නකෝ.. "
සහෙල් ආපහු ක්ලචර්ස් ලන් කරන් නැගිටලා උඩට ගියේ යුනිෆෝම් අයන් කරන්න..
තව දවස් කීයක් එයාලා මෙහෙම ඉදීවිද ? තව දවස් කීයක් වේදනාවෙන් හරි දෙන්නට දෙන්නා ආදරේ කරාවිද ? තව දවස් කීයක් කදුලු මැද්දේ හරි දෙන්නට දෙන්නා වෙනුවෙන් ඉදීවිද ? එක්කෙනෙක් හරි මේ වේදනාකාරී බැදීමට තිත තියන්න හිතලා අඩියක් පස්සට ගත්තොත් දෙන්නට මොනවා නොවේවිද ?
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !