" තිශූ... මොනවද කල්පනා කරන්නේ? "
" හිතාගන්න බෑ ජානූ සිද්ද වෙන දේවල්.. මේ මාස තුනට සිද්ද වෙච්ච දේවල්, ඒවා බර වැඩි වගේ මට.. "
" ම්ම්ම් මටත් හිතාගන්න බෑ.. ඒත් අයියේ සතුටු වෙන්න මේ හැමදේම එක්ක අපි හැමෝම මෙහෙම ඉන්න එක ගැන.. "
" ඔව් ඇත්තට! "
ක්ෂිතිජය කෙලවරේ හැංගිලා යන ඉර දිහා බලන් ජානූ රිනූ හිටියේ වෙරලේ ගල්තලාවක් උඩ වාඩි වෙලා.. ඈත මුහුද දිහා බලන් රිනූ ලොකූ කල්පනාවක ඉන්න ගමන් බර හුස්මක් පහල හෙලද්දි ජානූ ඒ උරහිසට ඔලුව තියන් එයාගේ තිශූ දිහා බලන්..
ඉතින් මාස තුනක්! සහෙල් රට ගිහින් මාස තුනක්..! රිනූ ජානූ ආදරවන්තයෝ වෙලාත් මාස තුනක් පහුවෙලා..!
ඉතින් කාලේ හරිම වේගෙන් ගත වෙද්දි ඒ වේගෙටම එයාලා වටේ දේවලුත් හරිම වේගෙන් වෙනස් වුනා..
සහෙල් රට ගිහින් ජානූගේ තාත්තාගේ යාලුවාව මුන ගැහිලා නවතින තැන ගැන බලලා එයා යන්න ඉන්න යුනිවසිටි එක ගැනත් බලලා ඔක්කොම කරගෙනයි ලංකාවට කතා කරේ.. ඒ කතා කරෙත් ජානූගේ ෆෝන් එකට වෙද්දි එදා සහෙල් බලාපොරොත්තු නොවුනට මුලු පුංචි පවුලම ජානූගේ ගෙදර හිටියා..
" සොරි රිනූ.. ඔයාලා බය වෙනවා කියලා දන්නවා වුනත් මට ආපු ගමන් ටග්ගලා මෙහෙ දේවල් බලන්න වුනා.. ජෙට් ලැජ් එක නිසා ආපු දවසේ මන් හරිම අමාරුවෙන් හිටියේ මට හුරු නැති නිසා.. "
" ඒකට කමක් නෑ.. උබ හොඳින්නම් එච්චරයි.. උබේ මොබයිල් නම්බර් එක කාටවත් දෙන්න එපා.. සෝෂල් ඊඩියා යූස් කරත් පරිස්සම් වෙන්න.. ඩුබායි ඉන්නේ කියලා දැනගන්න නොදී ඕනි දෙයක්.. "
" හරි රිනූ.. නම්බර් එකනම් ජානූ ගාවයි මංගල අන්කල් ගාවයි චන්දන අන්කල් ගාවයි තියෙන්නෙ.. ඒ ඇරෙන්න නෑ ඉතින්.. "
" හ්ම්ම් ඒක හොඳයි.. දැන් යුනිවසිටි එකේ ඔයාගේ කෝස් එකට රෙජිස්ටර් වුනාද? "
" ආහ් ඔව්.. ඒකේ එකම එක ලංකාවේ කොල්ලෙක් ඉන්නවා.. මම කතා බහ කරේ නෑ ලොකුවට.. ඒත් ඌ නිසා තමා මම යුනිවසිටි එක ගැන හරි දැනගත්තේ.. "
" නෑ නෑ කතා කරලා ඉදහන්.. උබට හැමතිස්සෙම තනියම ඉන්න බෑනේ.. හදිස්සියකට යාලුවෙක් ඉන්න එක හොඳයි.. හැබැයි ඒත් පරිස්සමෙන්.. "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !