පහුගිය දවස් දෙකම මම බ්‍රියෝන් එක්ක මගේ පුංචි ඩේසි මලට මොකද වුනේ කියන එක හොයන්න ගොඩක් උත්සහ කරා.. ඒත් ඒ ගැන හරියටම දැනගන්න බැරි වුනේ එක එක අය එක එක කතා කියන නිසා..
" රිනුත් අනේ මන්දා බන් උබත් ඉදල ඉදලා කැමති වුන එකා.. බලහන් ඌ ගැන එක එකා එක එක වේස කතා කියවන්නේ.. අර තේජාන් කැරියා ගැනත් එකෙක් වත් කියන්නේ නෑ "
" මට කවුරු මගේ කොල්ලා ගැන මොන වේස කතාව කිව්වත් කමක් නෑ.. මට දැනගන්න ඕනි ඌ හොදින්ද හොදින්නම් ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා විතරයි.. "
" හරි හරි ඉදහන්කෝ රුක්ෂානයා දැන් එයිනේ.. ඒ ආවම ශේප් එකේ මන් අහන්නම් තේජාන්ට මොකද වුනේ කියලා.. "
මම බ්‍රියෝන් එක්ක ඉස්කෝලේ ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකට වෙලා හිටියේ රුක්ෂාන්ව හම්බෙන්න..
ඊයෙ පෙරේදා දවස් දෙකේ පොඩි එකා ගැන හොයද්දි අපිට අහන්න පුලුවන් ජරා කතා සේරම ටික අහන්න ලැබුනා..
කොල්ලා තේජාන් එක්ක යාලු වෙලා , තේජාන් ඌව තියාගෙන හොද ආතල් එකක් ගන්නවා , තේජාන් කොල්ලව යාලුවෝ අතරේ අතින් අතට යවනවා , කොල්ලත් තේජාන් එක්ක ඩ්‍රග්ස් යූස් කරනවා , කොල්ලා සල්ලි වලට ඇග විකුනනවා ඔය වගේ අහන්න පුලුවන් ජරා කතා සේරම අහන්න ලැබුනා..
තැනකදි ඒවා කියන එකාගෙත් හොම්බ කට සමතලා කරන්න තරම් කේන්තියක් ආවට ආපහුම පපුව කීරි ගැහෙන වේදනාවක් දැනෙන්න ගත්තා.. කොල්ලා ඔය කියපු මොන තත්වෙක හිටියත් මට ඕනි එයාව මන් ලගට ගන්න.. මම දන්නවා ඒ කොල්ලා කොයි තරම් අහිංසකද කියලා..
" ඒ බන් අන්න අරූ එනවා.. මම ගිහින් මැච් එක ගැන කතා කරන විදිහට අහන් එන්නම්.. උබ ඔතනම ඉදන්.. දෙන්නම ගියොත් අනිවා දැනගන්නවා මොකාක්ම හරි මගුලක් තියේ කියලා.. "
බ්‍රියෝන් මට පැවිලියන් එකේම ඉන්න කියලා රුක්ෂාන් ඉන්න පැත්තට ගියා.. රුක්ෂාන් කියන්නේ තේජාන් එක්කම එකට හිටපු එකෙක්.. හැබැයි ඌ තේජාන් තරන් නෝන්ඩි වෙලානම් නෑ.. ඌ ඉස්කෝලේ ස්පෝට්ස් කරලා ගැම්මට නම තියන් ඉන්නවා මොනව නැතත්..
බ්‍රියෝන් රුක්ෂාන් එක්ක විනාඩි 10ක් විතර කතා කරලා මන් ලගට එද්දි මම හිටියේ පුදුම නොඉවසිල්ලෙන්..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !