12 🌸

2.1K 208 392
                                    

" කෝමද මේකට නගින්නේ අයියේ "

" මේකට කකුල තියලා මගේ උරහිස් අල්ලන් නගින්න.. "

" අයියේ ඔන්න මන් නගිනවා~ "

" ආන්න හරි... මාව හයියෙන් අල්ලගන්න.. ඔයාට පුරුදු නැති නිසා හෙමින් යන්නම්.. ඒත් හොදට අල්ලගන්න.. මාව අල්ලගන්න අමාරුනම් ජානූ පිටිපස්සේ කෑල්ලෙන් හරි අල්ලගන්න.. ඒත් පිටිපස්සට බර වෙන්න එපා.. "

" අයියව අල්ලගන්නම්.. "

මම ජානූවත් එක්කන් බීච් යන්න ලෑස්ති වුනේ.. අපේ සෙට් එකටත් එන්න කිව්ව නිසා මට ඕනි වුනේ ජානුව අපේ සෙට් එකට හරියට අදුන්නලා දෙන්න.. මොකද ජානූ ටික ටික හොද වෙද්දි මට ඕනි වුනේ එයා නෝර්මල් කලින් හිටියා වගේම ගේන්න..

ජානූ බයික් එකේ නැගලා මගේ උරහිස් වලින් අල්ලගත්තා.. මම මොකුත් නොකියා හිටියේ මම දන්නව එයාට වැඩි වෙලා නොයා මගේ ඉනෙන් අල්ලගන්න වෙනවා කියලා..

හිතුවා වගේම බයික් එක යන්න ගත්තු ගමන් කොල්ලා මාව තදට තුරුල් කරගත්තා.. මගෙ බයික් එකේ සහෙල් සවී ඇරෙන්න කවුරුත් ගිහින් නෑ.. උන් දෙන්නත් යන්නෙම නැති තරම් අනික් ඩබල නිසා.. ඉතින් ජානූ මෙහෙම යද්දි ඇත්තටම මට ඒක අමුතුම හැඟීමක් ගෙනාවේ..

හයියෙන් යන්න ආසයි ඒත් ජානුව පරිස්සම් කරන්න ඕනි නිසා බයයි.. එයාට තව තව මාව තුරුල් කරගන්න කියන්න ආසයි.. එයා නොදන්නවා වුනාට මගේ හිත පුරා ඉන්නේ එයා නිසා මේ හැඟීම මට මාරම අලුත්.. සයිඩ් මිරර් එකෙන් ජානූ දිහා බලද්දි එයා මගේ ඇගේ එල්ලිලා වදුරු පැටියෙක් වගේ..

කෝමහරි වැඩි වෙලා නොගිහින් මම එයා එක්ක බීච් එකට ආවා.. ඒ යද්දිත් බ්‍රියෝ සවී ඇවිත් හිටියා.. අනික් ඩබලනම් හිටියේ නෑ..

" අඩෝ මචන් රිනූ.. "

බ්‍රියෝ කට අරිද්දිම මම ඇස් වලින් මල්ලිව පෙන්නුවා.. ඇත්තටම මට බයයි අපේ එකෙක්ගේ විහිලුවකට හරි මල්ලි අන්කම්ෆටබල් වෙයි කියලා..

" ජානූ එන්න.. මේ ඉන්නේ බ්‍රියෝන්.. එත්කොට මේ ඉන්නේ එයාගේ ලවින්ග් බෝයිෆ්‍රෙන්ඩ් සවීන්.. "

ජානූගේ ඇස් ලොකු වුනා.. ඒ සෙනින් කොල්ලා රතු වෙලා මන් දිහා බැලුවා..

Daisy ( ONGOING )Where stories live. Discover now