අද මුලු මාසෙම පිස්සුවෙන් වගේ ලෑස්ති වුන අපේ කලා උලෙල.. !!!
අද අනිත් අයට කෙසේ වෙතත් මම ඉන්නේ අම්බානෙකටම බය වෙලා.. ඒකට හේතුව කලා උලලේ අයිටම්ස් තියෙන විදිහට මට මල්ලිවත් ලෑස්ති කරලා මාත් ලෑස්ති වෙලා තියෙන ටයිම් එක මැනේජ් කරගන්න තියෙන අමාරුව..
" තිශ්නක අයියේ.. ! "
මම හිටියේ මේන්හෝල් එක පිටි පස්සේ චේන්ජින්ග් රූම් එකේ.. මොකද මෙතන තමා කලා උලලේ හැම ලමයෙක්ටම චේන්ජ් කරන්න තියේ...
චේන්ජින්ග් රූම් එක කිව්වට දෙකක් තියෙනවා.. ඒ දෙකම පට්ටම ලොකුයි.. ස්ටේජ් එකේ දෙපැත්තට සෙට් වෙන්න පුලුවන් විදිහට කොරිඩෝ එකක් එක්ක.. එක රූම් එකක් කෙල්ලොන්ටයි අනික කොල්ලොන්ටයි තමා තියෙන්නේ...මම හිටියේ කොල්ලොන්ගේ එකේ මගේ කිට් තුන එල්ලන ගමන්..
" ආහ් ජානූ ආවද ? මේ මම අහන්න හිටියේ මෙතන ඔයාට අන්කම්ෆටබල්ද ? අපි වෙන තැනක් බලමුද ? "
" නෑ කමක් නෑ අයියා ඉන්නවනේ.. "
" ඔයාට අවුල්නම් ඇත්තටම කියන්න ජානූ.. ස්පෝට්ස් කරන අයගේ චේන්ජින්ග් රූම් හරි යමු.. "
" බෑ ඒක කරන්න.. අපිට ටයිම් මැනේජ් කරන්න බැරුව යනවා.. මෙතන කරමු අයියා මගේ ලගින් ඉන්න.. "
" මම ලගින්ම ඉන්නවා.. මම ඔයා එක්ක සහෙල්ව තියලා යන්නම්.. මම නැති වෙලාවට එයා ඔයා එක්ක ඉදියි.. මට එයාව 100%ක්ම විශ්වාසයි ජානූ ඒ නිසා බය වෙන්න එපා.. "
" මම දන්නවා.. අපි එහෙම කරමු.. ආහ් 10.30 වෙද්දි ඇදගෙන ඉන්න ඕනි අයියේ අපි 9.45ටවත් අදින්න ගමු.. කලබලයක් නැතුව හිමීට ලෑස්ති වෙන්න පුලුවන්නේ.. "
" හරි එහෙම කරමු.. කෝ ඔයාගේ බෑග්ස් ? "
" ක්ලාස් එකේ අයියේ.. බෙරයි ඇදුම්නුයි බඩු ගොඩයි.. "
" යමු ඒ ටික ගේමු.. "
අද සිකුරාදා දවසක් නිසා සාමාන්‍ය විදිහට ඉස්කෝලේ වැඩ සිද්ද වෙනවා.. ඒත් ඒලේවල් ආට් එකට වැඩ නෑ මොකද ලමයි බාගෙට බාගයක්ම කලා එලලේ වැඩ වලට ගිහින් නිසා.. අපේ සෙට් එකත් මායි යසිරුයි නිසා එලි බැහලා..
මම අපේ අයටත් කලින්ම කියලා තිබ්බා මල්ලිව මම නැති වෙලාවට බලාගන්න එයාට සෙනග හුරු නෑ කියලා..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !