Author POV
" රිනූ.. රිනූ.. රිනූ නැගිටපන්!.. රිනූ.. "
ඇඳ උඩ ජානුවත් අත් අතරේ තුරුල් කරන් හිටපු රිනූ ගැස්සිලා ඇහැරුනේ බ්‍රියෝ දොරට ගගහ මහ හයියෙන් බෙරිහන් දෙද්දි..
හදිස්සියක් කියලා කටහඩින්ම තේරුන නිසා රිනූ ටග්ගලා ඇඳෙන් බැහැලා යද්දි ජානුත් කලබලෙන් අවදි වෙලා රිනූ දිහා බැලුවා.." බ්‍රියෝ? "
" මචන් රිනූ, මල්ලි එක්ක ටග්ගාලා පහලට වරෙන් හදිස්සියක්! "
" ආහ්? "
" වරෙන් හුත්තෝ!! "
ඒ කියලා බ්‍රියෝ ආපස්සට පහලට යද්දි රිනූ ජානූ දිහා බැලුවා.. ඒ ටිකට ජානුත් ඇදෙන් බැහලා දොර ලඟට ඇවිත්..
" එන්න ගිහින් බලමු.. "
ඉතින් එච්චරයි කිව්වේ රිනුත් නිදිමත පැත්තක දාලා ජානූ එක්ක පහලට ගියා..
සාලේ සෝෆා එකේ මංගල, සවී බයෙන් වගේ ටීවී එක දිහා බලන් ඉද්දි යසිරු කලබලෙන් සාලේ පුරා ඇවිදින ගමන් කාටද මන්දා කෝල් එකක් ගන්නවා.. බ්‍රියෝත් ඒ ලඟම යසිරු එක්ක ඉන්නැද්දි දැන් නින්දෙන් පහලට ආපු දෙන්නට මේ සිද්ද වෙන දේවල් තේරුම් ගන්න බැරුව උඩබිම් බලනවා..
" බ්‍රියෝ! මොකක්ද කියපන් වුනේ? "
" බබා මෙන්න මූට නිව්ස් එක රිවයින්ඩ් කරලා දීපන්.. "
ඉතින් ඒ සැනෙන් සවී රිනූටයි ජානුටයි නිව්ස් එක රිවයින්ඩ් කරලා දුන්නා...
" මෙන්න විශේෂ පුවතක්!
ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරික අල් අහමඩ් හස්මාර්ගේ එකම දියණිය වූ ෆාතිමා හසීරා ඊයේ රාත්‍රියේ තම නිදන කාමරය තුල ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.. මරණයට හේතුව ලෙස සැක කරන්නේ ඇයව තමා අකමැති විවාහයක් වෙනුවෙන් පවුලේ පිරිස පෙලඹවීමයි.. මීට අමතරව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වූයේ ඇගේ විවාහ මංගල්‍ය තව දෙදිනකින් පැවැත්වීමට සූදානම්ව තිබූ බවත්, මේ වන විටත් ඇයට වෙනත් කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්දයක් තිබූ බවයි.. "
" කවුද ෆාතිමා? "
" රිනූ... ඒ ඇන්ඩ්‍රිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලු "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !