19 🌸

2.3K 220 562
                                    

Rinu's POV 

ජීවිතේ අපිට සිද්ද වෙන හැම දෙයක්ම වෙන්නේ හේතුවක් ඇතුව වගේම අපේම හොදටයි කියලා මට කීප වතාවක්ම හිතුනා.. ජානූගෙයි මගෙයි මුන ගැසීම වගේම සහෙල්ගේ වෙන්වීම වගේ දේවල් මට ඒ දේ නැවත නැවත මතක් කරලා දුන්නා..

මොකද කිව්වොත් ජානූ මට අවුරුදු හතරක් තිස්සේ ආදරේ කරත් එයායි මායි මුන ගැහුනේ එයාගේ ජීවිතේ නරකම කාලෙදි.. ඒ දේ නිසාම අපි ලන් වුනා වගේම දැන්  ආදරෙන් ඉන්නවා..

සහෙල්ගේ වෙන් වීමත් එහෙමයි.. සහෙල්ගේ ජීවිතේට සිද්ද වෙච්ච නරක දෙයක් නිසා එයා අපෙන් ඈත් වුනත් ඒ දේ නිසාම දෙන්නෙම තමන්ගේ හීන වලට යන්න හිතට අධිෂ්ඨානය අරන්..

හැම මුණගැසීමක් වගේම හැම වෙන්වීමක් සිද්ද වෙන්නෙත් හේතුවක් ඇතිව! ඒ හැම දෙයක්ම හරිම දේවල් නොවුනත් මන් විශ්වාස කරන්නේ ඒ දේඑවල් අපේ ජීවිතේට පාඩම් කියලා දෙනවා.. හොඳ හෝ නරක!

 ඒ මුන ගැසීම්, වෙන් වීම් එක්ක යන ගමන දුෂ්කර වේදනාත්මක වුනත් දරාගැනීමෙන් ඉස්සරහට ගියොත් මම හිතන්නේ ඕනිම මනුස්සයෙක් බලාපොරොත්තු වෙන සැනසීම ලැබෙනවාමයි..! හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ ඒ නිසා වෙන්නැති..

" රිනූ කියපන්කෝ බන් මේ කලර්ස් දෙකෙන් කෝකද හොද? "

" ඕක ඕනි හෙටට විතරනේ.. ඕනි පාටක් ගහපන්.. රතු එක ගැම්මක් හැබැයි.. "

" එහෙනම් අපි බ්ලැක් රෝස්ව හෙටට රෙඩ් රෝස් කරමු.. "

" සහිරු එලි බහින්නේ රෙඩ් රෝස්ගෙන්නේ!? "

" ඔව්.. කෙනෙක්ගේ රෙඩ් රෝස් ෆැන්ටසි ඩ්‍රීම් එක මම ඇචීව් කරගන්න මහන්සි වෙන්න ඕනිනේ.. "

" උබේ ඩ්‍රීම් ඇචීව් වෙනවා කියන්නේ එයාගේ ඩ්‍රීම් එකත් ඇචීව් වෙනවා කියන එක යසිරු.. ඒ නිසා අතාරින්න එපා කොච්චර අමාරු වුනත්.. "

මම හිටියේ යසිරු එක්ක ගරාජ් එකේ.. බ්ලැක් රෝස්ව හෙට රේස් එකට අපි වෙනස් කරන්න හිතුවා තාවකාලිකව.. මොකද ඕනි කෙනෙක්ට ටග්ගාලා බ්ලැක් රෝස්ව අදුනගන්න පුලුවන්.. එතකොට දන්න අය දන්නවා ඒ ඉන්නේ යසිරු කියලා.. ඉතින් අපිට ඕනි වුනා ඒ ඉන්නේ යසිරු කියලා අඟවන්නේ නැතුව එයාගේ රේසින්ග් ඩ්‍රීම් එකේ පලවෙනි අඩිය තියන්න.. 

Daisy ( ONGOING )Where stories live. Discover now