සැනසීම කියන්නේ මට හරිම තාවකාලික හැඟීමක්.. ඔලුව පුපුරන්න තරම් ප්‍රශ්න තියාගෙන මොහොතක් ජානූ ලඟ සැනසිලා සතුටින් ඉදලා ගෙදර ආවා විතරයි මගේ සැනසීම නැත්තටම නැතිවෙලා ගියේ තාත්තා ඉන්නවා දැකලා..
මම ගෙට ගොඩ වෙනවත් එක්කම තාත්තා ටැබ් එක පැත්තකින් තියලා මන් දිහා බැලුවා.. මම එයාව නොදැක්ක විදිහට ගේ ඇතුලට යන්න හැදුවත් එයා මට කතා කරපු නිසා මන් එයා දිහා බැලුවා..
" තමුන් මන් එන හැමදාකම ගෙදර නැතුව කොහෙද යන්නේ කියනවද? "
" ඇයි තාත්තා අහන්නේ? කවදා ඉදන්ද ඔයා මන් යන එන තැන් ගැන හොයන්න ගත්තේ? "
" තමුන් යන තැන් හොයන්න මට උබේ අවසරයක් ඕනි නෑ.. උබ මොන නාඩගම නැටුවත් උබට ඉතුරු තව මාස තුනයි.. "
" මාස තුනද දවස් තුනද මට ආදාලා නෑ තාත්තේ.. අනික මන් නටන නාඩගමකුත් නෑ.."
" ආහ් එහෙමද! හරි අපි බලමු.. ලෑස්ති වෙනවා ඒලෙවල් ඉවර වුන ගමන් මැරි කරන්න! "
" ඒක කීයටවත් වෙන්නේ නෑ! මන් බඳින්නේ මට ඕනි කෙනා මට ඕනි කාලෙක.. මගේ ජීවිතේට ඇගිලි ගහන්න ඔයාට අයිතියක් නෑ තාත්තේ!! "
" හහ්! එහෙමද උඹ හිතන් ඉන්නේ.. හරි අපි බලාගමු! "
තාත්තා මහ හයියෙන් මේසෙට ගහලා යද්දි මම කාමරේට ඇවිත් දොර වැහුවේ දොර ගැලවිලා යන්න තරම් වේගෙන්.. මට කේන්ති.. ඊටත් වඩා දුකයි..
මගේ හැම හීනයක්ම නැති කරලා දැන් මගේ මුලු ජීවිතේම නැති කරන්න තරම් මගේ තාත්තා මට ආදරෙයි.. හා හා.. මොන තරම් විහිලුවක්ද..
අවුරුදු 18ක් වෙලාත් මන් වෙනුවෙන් කියලා කිසිම දෙයක්- කිසිම දෙයක් කරලා නැති තාත්තා ඇවිත් දැන් මට ජීවත් වෙන්න තියෙන එකම හේතුවත් නැති කරලා දාන්නයි හදන්නේ..
ජානු ලඟ මගේ යාලුවෝ ලග ඉන්න මගේ තියෙන හැසීරීම නෙවෙයි තාත්තා ලගදි තියෙන්නේ.. මට තේරෙන්නේ නෑ මට වෙන්නේ මොකක්ද කියලා.. හරියට තාත්තා මගේ ඇඟ ඇතුලේ මෘගයෙක්ව අවදි කරනවා වගේ.. කේන්තිය පාලනය කරගන්න බැරුව මාව වෙව්ලන්න ගද්දි මට ආපු ආවේගෙට මන් කාමරේ මිරර් ටේබල් එකේ මිරර් එක කුඩු කරලා දැම්මා..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !