" අඩෝ රිනූ සහෙල් නෑනේ බන්.. හැමදාම මාත් එක්කනේ ගෙදර යන්නේ "
යසිරු කලබලෙන් මන් ගාවට දුවන් ආවා..
" ඇති බන් කලබල වෙන්න එපා.. සවීගෙන් ඇහුවද "
" සවීලා ලයිබ්රි ඉවර වෙලා වොශ් රූම් ගිහින්.. ගාථා කියලා පන්තියට එද්දිත් හිටියේ නෑලු බන්.. "
යසිරු ඇස් වල කදුලු පුරවන් නියපොතු කකා වට පිට බැලුවේ සහෙල් ඉන්නවද කියලා.. ඒ එක්කම අපි ලගට දුවන් ආවේ සවී බ්රියෝ ඩබල..
" ඉස්කෝලේ ඇතුලේ නෑ මචන්.. බෑග් එකත් නැති නිසා ඌ යන්නැති ගෙදර.. උදෙත් ආවේ අම්මා එක්ක කිව්වනේ හවසත් අම්මා ආවද දන්නේ නෑනේ.. "
" ඔව් යසිරු බ්රියෝන් කියපු එක වෙන්නත් පුලුවන්.. කලබල නොවී ඉදපන්කෝ.. මන් කියන්නද ඉස්සෙල්ලා අපි ගෙවල් වලට ගිහින් යුනිෆෝම් ගලවලා ෆෝන් එක ගමු අතට.. ගිහින් අනිත් අතට බ්රියෝ උබ පලයන් සවී එක්ක සහෙල්ගේ ගෙදර.. ගිහින් ඌ ඉන්නවද නැද්ද කියපන්.. ඌ නැති උනොත් යසිරු උබයි මායි යමු ඌව හොයන්න.. "
" ඔව් යසී රිනූ කියපු විදිහට කරමු.. කොහොමත් සහෙල් ගෙදර හරි මේ ලග පාතකම හරි තමා ඇත්තේ.. එයා උබ එක්ක යන තැනක ඇරෙන්න කොහෙවත් යන එකෙකුත් නෙවෙයිනේ.. "
අපි හතර දෙනා ටග්ගාලා ඉස්කෝලෙන් එලියට ඇවිත් වීල් එකක් හයර් කරන් ගියේ ගෙවල් වලට.. සවී බ්රියෝන්ගේ ගෙදරින් බැහැලා දෙන්න එක්ක මුලින් යන්නම් කිව්වා.. ඊලගට යසිරුවා බස්සලා ගේ ගාවින් අන්තිමට මන් අපේ ගෙදරට ඇවිත් හයර් එකත් දීලා දුවලා ගියේ ෆෝන් එක ගන්න.. ඇග හෝද හෝද ඉන්නේ නැතුව යුනිෆෝම් එක ගලවලා ඩෙනිමකට ටී ශර්ට් එකක් දාගෙන බයික් එකේ යතුර අරන් පහලට ගියේ බ්රියෝට කෝල් කරන ගමන්..
" මචන් රිනූ අපි දැන් උන්ගේ ගෙදර යන ගමන්.. විනාඩියක් දියන් බලලා කියන්නම්.. "
එහා පැත්තෙන් කෝල් එක කට් වෙද්දි මම කෝකටත් කියලා බයික් එක පාරට දැම්මා.. යසිරුවාගේ ගෙවල් පැත්තට යනවා කියලා හිතන් බයික් එක පාරට දැම්මට විනාඩි දෙකක් යන්නත් කලින් බ්රියෝන්ගෙන් ආපස්සට කෝල් එකක් ආවා..
" මචන් සහෙල් ගෙදර ඇවිත් නෑ "
" හරි මන් යසිරු එක්ක යන්නම් බලන්න.. උබලත් බලපන්.. "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !