" තිශ්නක අයියේ !! "
" මල්ලීහ් !? "
සහෙල් එක්ක පන්තියේ කියව කියව ඉන්නැද්දි මම බලාපොරොත්තු නොවුන රූපයක් පන්තියට ආවේ මාව විතරක් නෙවෙයි සහෙල්වත් පුදුම කරලා...
" ඇයි මෙහෙ!? "
" මම ආවට කැමති නැද්ද අයියේ...? "
" කැමති.. ගොඩක් කැමති.. ඒත් ඔයා එන්නෙම නෑනේ මෙහෙට.. ඊටත් තාම 7ටවත් නෑ.. මොකෝ උදෙන්ම "
" අද කලින් එන්න හිතුනා.. පන්තියට ආවේ නම් තාත්තගේ පණිවිඩේ දෙන්න.. "
" ඉතින් මම පන්තියට එන එකනේ ලමයෝ.. බොරුවට කරදර වුනේ ඇයි.. "
" සොරි කරදර කරානම්.. මම යන්නම්.. "
ජානූ එක පාරට මූනත් අකුලන් පන්තියෙන් එලියට යද්දි මම සහෙල් දිහා බැලුවේ ඒ මොකක්ද ඒ වුනේ වගේ බැල්මකින්..
" අනේ ඇත්තටම තෝත් අර යසිරු වගේම බූරු පැටියෙක්.. පලයන් යකෝ කොල්ලා පස්සෙන්.. ඌට හිත රිදුනා තෝ ආපු එකටත් අනං මනන් කියපු නිසා.. "
" අයියෝ ශිට් !!! "
සහෙල් කියද්දියි වෙච්ච දේ තේරුනේ මට.. මම පඩිපෙල් බැහැලා දුවලා යද්දිත් කොල්ලා ආට් එකට යන ගමන් බෑග් එකත් කරේ එල්ලන්..
" ජානූ !!! ජානූ !!! "
" ............ "
" ඇයි අනේ ගියේ !? "
" නෑ අයියා මම ආපු එකට අකමැති කියලා දැනුනා මට.. සහෙල් අයියා එක්ක හිටපු නිසා මම ඔයාලා දෙන්නට කරදර කරානම් සොරි අයියේ.. "
" පිස්සුද මොන කරදරයක්ද !? අනික මම ඔයා ආපු එකට අකමැති වුනේ නෑ.. මම පුදුම වුනා විතරයි.. ඔයා හැමදාම ඉස්කෝලේ එන්නේ 7.10 ටනේ.. ඊටත් අපේ පන්තියට එන්නේ නෑනේ ඒ නිසා පුදුම හිතුනා දැක්කම "
" හ්ම්ම්... "
" ඉතින් කියන්නකෝ තාත්තා මොකද කිව්වේ !? "
" තාත්තා වීකේන්ඩ් එකේ අපේ ගෙදර ලන්ච් එකට ඔයාට ඉන්වයිට් කරා.. ඔයාට පුලුවන්ද බැරිද කියලා අහලා කියන්න කිව්වා "
" පුලුවන් !!! මම එන්නම්.. "
" හ්ම්ම්.. අයියේ... "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !