" අන්න උබලා දෙන්නට එන්න කියලා පණිවිඩයක් ආවා "
" කාගෙන්ද !? "
" මන්දා.. පොඩි එකෙක් ඇවිත් උබලා දෙන්නට ඉන්ටර්වල් එකේදී මේන්හෝල් එන්න කියාගෙන ගියා.. "
යසිරුවත් අමාරුවෙන් ශේප් කරන් ක්ලාස් එකට ආව ගමන් සහෙල් අපිට එන්න කියපු පණිවිඩේ දුන්නා..
" ඒ පාර මොන නාඩගමක්ද දන්නේ නෑ "
" මන්දා.. කකුල කැඩිලා හින්දා මටනම් බේරිලා ඉන්න පුලුවන්.. "
සහෙල් මොකුත් නොවුනා වගේ ඉන්නකොට මන් ඇහෙන් යසිරුව පෙන්නලා කතා කරපන් කියලා ඇගෙව්වා..
" අහ්ම්.. යසිරු.. "
" ම්න්න් ? "
" සොරි බන් උබේ හිත රිදුනානම්.. උබත් ඉතින් හැම මගුලටම කේන්ති අරන් මට බනින්න ගන්නවනේ.. "
" ඒවා ඉවරයි බන් දැන්.. "
" හ්ම්ම්.. කෝ දැන් ඉදහන්කෝ හිනාවෙලා.. මම කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් වුනාම උබට කියන්නම්කෝ.. උබම බලලා හොදයිද කියපන්කෝ.. එතකොට හරිනේ.. "
" හ්ම්ම්.. "
යසිරුටයි සහෙල්ටයි පාඩුවේ ඉන්න දීලා මම කලින් පීරියඩ් එකේ මිස් වෙච්ච ටික ලියාගන්න ලෑස්ති වුනා..
" සහෙල් පොත දියන්කෝ.. කලින් පීරියඩ් දෙකේ මොනාද බන් කරේ.. "
" ආහ්.. මේ.. මට නින්ද ගිහින් බන්.. අර කෙට්ටු මිසීගේ පොත ඉල්ලගනින්කෝ.. "
" තෝත් අනේ මන්දා.. කකුල මුවාවෙන් අයිස් ගහනවා නේහ්.. ඉදපන් පොත ඉල්ලගන්න.. දැන් ලියමු තුන් දෙනාම සර් එනකන්.. නැත්නම් ඔක්කොම පිස්සු නටලා විභාගෙට කෙලවෙලා තියෙයි.. "
මම ඒ ඩබලටත් කෑගහලා කෙට්ටු මිසීගේ පොත අරන් මිස් වෙච්චා ලියන්න ගත්තා.. කෙට්ටු මිසී කියන්නේ පට්ට බ්‍රයිට් කෙල්ලෙක්.. ඒකී උගන්නද්දි දෙන නෝට් එකට අමතරව සර්ලා මිස්ලා නිකන් කියන ඒවායෙත් වැදගත් වෙයි කියලා හිතන ඒවා ලියාගන්නවා.. ඒතරම් බ්‍රයිට් ඒකි.. හැබැයි හිතේ කිසිම කුහක කමක් නැතුව ඕනි කෙනෙක්ට පොත දෙනවා නෝට් එක ගන්න..
සහෙලුත් යසිරුව ශේප් කරන් නෝට් එක ලියද්දි මම හිටියේ නෝට් එක ලියන ගමන් යසිරු ගැන කල්පනා කර කර..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !