" පැහැසර !!! "
කලා උලලේ වැඩ ඉවර වෙලා ඉස්කෝලෙන් එලියට ඉන්න හදද්දි 6ටත් කිට්ටුයි.. ප්‍රිෆෙක්ට්ස්ලා නිසා අස් පස් කරන වැඩත් සෙට් වෙද්දි අපි හැමෝම හිටියේ මහන්සියෙන් හොදටම හෙම්බත් වෙලා.. ඒ අස්සේ පාරින්දිත් අද ජානූ එක්ක යන්න හිටපු නිසා අපි එක්කම අස් පස් කර කර හිටියා..ඒකි විතරයි අන්තිමට කෙල්ලෙක්ට ඉතුරු වුනේ.. ඒත් අන්තිම පැයේ ඒකි අයිස් ගැහුවා !! කෙල්ලෝ ඔහොමමයි හුහ්!!!
පාරින්දි ජානුව පැත්තකට අඩ ගහන් මොනවදෝ රහස් කියද්දි මම දැක්කා ජානුත් වටපිට කලබලෙන් බලනවා.. ඒ එක්කම මන් දිහාත් බැලුවා.. ජානුත් මොනවදෝ කියලා ටග්ගාලා මන් ලගට ආවා..
" අයියේ මේ ලග පාත කඩවල් තියේද ? "
" කෑම කඩයි බුක් ශොප්ස් තියෙන්නේ.. ඇයි මොකක්ද ප්‍රශ්නේ ? "
" ෆාමසි එකක් හරි නිකන් සිල්ලර කඩයක් හොයාගන්න කොච්චර වෙලාවක් යයිද ? "
" මේ කොලබ මොන සිල්ලර කඩද ? ෆුඩ්සිටි එකටත් ටිකක් දුරයිනේ.. "
" අයියේ පාරිට සනීප නෑ.. එයාට පෑඩ්ස් ඕනි.. "
" මොකක්? "
" ම්ම්.. ඉස්කෝලේ ගෑනු ලමයි නෑනේ ඉල්ලගන්නවත් එයාට.. මිස්ලාත් ගියානේ අපිට අස් කරන්න කියලා.. මොකද කරන්නේ.. අපි දෙන්නාවත් යමුද ෆුඩ්සිටි එකට වීල් එකක්වත් දාගෙන.. "
" ඒත් නන්ගිව මෙහෙම තියලා යන්න බෑනේ.. අපේ සෙට් එක හිටියට නන්ගිට අවුල් යයිනේ.. එහෙනම් මෙහෙම කරමු ඔයා බ්‍රියෝලා එක්ක ඉන්න මම යසිරුවාව එක්කන් යන්නම්.. ඌට කෙල්ලෙක් ඉන්න නිසා දන්නවා ඇතිනේ ඕවා ගැන.. "
" හරි.. ටග්ගලා හැබැයි.. "
එක පාරට වෙච්ච දේට මට මොනා කරන්නද කියලා තේරුනෙ නෑ.. අවංකවම මට ඕවා ගැන දැනුමක් නෑ.. එක මට ගෑනු අය ගැන දැනගන්නවත් උවමනාවක් නෑ අනික් එක ඉස්කෝලේ වුනත් ඕවා සයින්ස් වලටත් ඉගැන්නුවේ නෑ ලොකුවට.. නෑ මන් කියන්නේ එහෙම දෙයක් මාසෙකට සැරයක් වෙනවා කියලා දන්නවා.. ගෑනු ලමයි කොල්ලෙන්ට නොපෙනෙන්න එව්වා මෙව්වා උස්සන වොශ් රූම් යනවත් දැකලා තියේ.. ඒ ඇරෙන්න දෙයක් මන් දන්නේ නෑ අප්පා !!!
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !