" තිශ්නක අයියේ.. නවතින්නකෝ.. මන් කියන එක පොඩ්ඩක් අහන්නකෝ.. "
" ... "
" අයියේ !!! "
" තව මට අහන්න දෙයක් නෑ මල්ලි.. මට බොරුත් කියලා වෙච්ච දේ දැන ගත්තට පස්සෙත් තවත් උන්ගේ පැත්ත ගන්නේ ඇයි !! "
" මම ඔයාට කියන්නේ නැත්තේ ඔයා ඔහොම හැසිරෙන නිසා.. ඔහොම හැසිරෙන්න එපා.. ඔයා මට වෙන කෙනෙක්ව මතක් කරනවා.. "
" ම.. මල්ලී.. "
" මිනිස්සු වචන කියන ඒවා කාලෙත් එක්ක නවතිනවා.. තව ටික කාලයක් යද්දි ඒවා නවතිවී.. මට ඒවා ඇහුනේ නෑ වගේ ඉන්න පුලුවන්.. ඒත් ඔයා මෙහෙම හැසිරෙන එක මට ඉවසන් ඉන්න බැරි තරම් ලොකු පීඩනයක් දෙන්නේ.. මට ඔයා එක්ක ඉන්න බය හිතෙනවා !! "
" සොරි මල්ලී.. මම ආපහු ඔයාගේ දේවල් වලට මැදිහත් නොවී ඉන්නම්..
මට බය වෙන්න එපා.. මම මීට පස්සේ ලගටවත් එන්නේ නෑ "
" තිශ්නක අයියේ !! "
" දැන් යන්න පන්තියට.. ඉන්ටර්වල් ඉවර වෙලා ගොඩක් වෙලා.. "
ජානූට බෙහෙත් දාද්දි ඩොක්ටර් අහපු නිසාම ජානූට ඇත්ත කියන්න වුනා... මගේ ඉස්සරහ ඇත්ත කියන්න ඉස්සර නොවුනත් මම බලෙන්ම ' කියන්න මල්ලි තාත්තා ඔයාව බලාගන්න මට බාර දුන්නා ' කිව්වට පස්සෙයි කොල්ලා කට ඇරියේ..
වොශ් රූම් ගිහින් එද්දි කොල්ලෙක් මොනවදෝ කියලා.. මෙයා ඇහුනේ නෑ වගේ එන්න හද්දිදි අතින් තද කරලා අල්ලලා.. තද කරලා අල්ලලා කියන්නේ කොල්ලගේ තුවාලෙන් අල්ලලා අත අඹරලා..
එච්චර දෙයක් වෙලා තියෙද්දිත් මට කේන්ති ගන්න එපාලු.. මම කොහොමද කේන්ති නොගෙන ඉන්නේ !!!
මගේ හිත අස්සේ කුණාටුවක් වගේ උදේ ඉදන් කැකෑරෙන දුක් වේදනා වලට මල්ලි ඇවිත් කේන්තිය කලකිරීම එකතු කරලා ගියා..
එයා මට බයයිලු.. මගෙන් වෙන කෙනෙක් දකිනවාලු.. ඒ කවුද කියලා මට කවුරුත් අමුතුවෙන් කියන්න වුවමනා නෑ.. මොන තරම් කැපකිරීම් කරත් අවසානයේ මට අහගන්න වෙන්නේ ඕක කියලා මම දන්නවා..
මම දන්නවා මම මීට වඩා ඉවසන්න ඕනි.. ඒත් දෙවියනේ මාත් තාම ලමයෙක්.. මටත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා.. මටත් හිතක් තියෙන්නේ.. මටත් රිදෙනවා..
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !